අයවැය හිගයක් පැවතිම පෞද්ගලික අංශයේ ආයෝජන අඩුවිම
 

ඉහළ අයවැය හිගයක් පැවතිම පෞද්ගලික අංශයේ ආයෝජන අඩුවිම කෙරෙහි බලපාන ආකාරය

ඉහළ අයවැය හිගයක් පවතින විට සම්පත් ලබා ගැනිම සදහා රජයට පෞද්ගලික අංශය සමග තරග කිරිමට සිදුවේ. ඒ අනුව පෞද්ගලික අංශයේ ආයෝජන සදහා සම්පත් අඩුවිමක් සිදුවේ.

තවද ණය සදහා ඉල්ලුම ඉහළ යාම නිසා පොලි අනුපාතිකය ඉහළ යයි. මෙයද පෞද්ගලික අංශයට ආයෝජන සපයා ගැනිමට බාධාවකි.

යම් ලෙසකට ඉහළ පොලි අනුපාතයකට වුව පෞද්ගලික අංශය සම්පත් ලබා ගන්නේ නම්, එම පොලි වියදම නිෂ්පාදන පිරිවැය තුළ රැදෙනු ඇත. එවිට නිෂ්පාදිතවල මිල වැඩිවීම හේතු කොට ගෙන ඒවාට ඇති ඉල්ලුම අඩුවිම මගින් නිෂ්පාදකයන් අලාභ විදිනු ඇත.

එමෙන්ම දේශිය පොලි මට්ටම වැඩිවිම නිසා ඵලදායි නිෂ්පාදනයන්හි යෙදිය හැකි ආයෝජකයන් ඒවායින් ඉවත් වි වැඩි ලාභ ඉපයිමේ හැකියාවක් ඇති මුල්‍ය වෙළෙද පොළ තුළින් සිය ලාභ අරමුණු ඉටු කර ගැනිමට උත්සහ කිරිමට ඉඩ ඇත.

එබැවින් ඉහළ අයවැය හිගයක් පැවතිම, පෞද්ගලික ආයෝජන අධෛර්යමත් විමට හේතුවක් ලෙස සැලකිමට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017