ඉහළ අයවැය හිගයක් පැවතිමෙන් මතුවන ප්‍රධාන ආර්ථික ප්‍රතිවිපාක
 

ශ්‍රී ලංකාවේ අයවැය හිගය මුළු ලැබිම් ප්‍රමාණය ද ඉක්මවා යමින් පවතින බව කලින් පිටුවේ සදහන් මෙතරම් ඉහළ අයවැය හිගයක් පැවතිමේන් මතුවන ප්‍රධාන ආර්ථික ප්‍රතිවිපාක මොනවාද යන්න කෙටියෙන් සලකා බලමු.

  • බැංකු ක්‍රමයෙන් ණය ලබා ගැනිමට සිදුවන නිසා උද්ධමනකාරි බලපෑම් ඇති වේ. ඒ අනුව මහා බැංකුවෙන් ණය ලබා ගැනිම නිසා ප්‍රාථමික මුදල් ප්‍රසාරණයක් බිහි වෙයි. එමගින් වාණිජ බැංකුවල ද්‍රවශිලතාවද ඉහළ යාම සිදුවන බැවින් වාණිජ බැංකු ඇසුරෙන් ද්විතික මුදල් ප්‍රසාරණයක් ද බිහිවේ. මෙම මුදල් ප්‍රසාරණය හේතු කොට ගෙන මුදල් සැපයුම වැඩි වි උද්ධමනකාරි තත්ත්වයන් බිහි වනු ඇත.
  • විදේශ ණ වැඩියෙන් ලබා ගැනිමට සිදුවන නිසා විදේශ ණය සේවා අනුපාතිකය ඉහළ යනු ඇත. ඒ අනුව රටෙහි විදේශ විනිමය ඉපැයිම්වලින් වැඩි ප්‍රමාණයක් ණය පියවිම් කටයුතු සදහා වැය වන අතර රටට අවශ්‍ය වියදම් සදහා විදේශ විනිමය හිග වනු ඇත.
  • දේශිය හා විදේශිය යන දෙඅංශයෙන්ම රාජ්‍ය ණය පරිමාව ඉහළ යාම නිසා අධික ණය පොලියක් ගෙවිමට සිදු වනු ඇත. මෙය ආර්ථිකයට විශාල වැය බරකි.
  • ණය සදහා ඉල්ලුම ඉහළ යාම නිසා රටේ පොලි අනුපාතිකය ඉහළ යාම.
  • සම්පත් ලබා ගැනිම සදහා රාජ්‍ය අංශයේ තරගකාරිත්වය වැඩි විම හේතු කොට ගෙන පෞද්ගලික ආයෝජන සදහා අවශ්‍ය සම්පත් සිමා විම.

(c) Shilpa Sayura Foundation 2006-2017