රජය මහ බැංකුවෙන් ණය මුදල් ලබා ගන්නා විට නව මුදල් නිකුතුවක් සිදු වේ. එම හේතුව නිසා රටේ මුදල් සැපයුම වැඩිවිම හේතුවෙන් වාණිජ බැංකුවල ද්‍රවශිලතාව ඉහළ යන අතර එමගින් වාණිජ බැංකුවල ණය මැවිමේ හැකියාව ඉහළ යාම තුළින්, ද්විතිය මුදල් ප්‍රසාරණයක්ද, බිහිවනු ඇත.
රජය වාණිජ බැංකුවලින් ණය ලබා ගැනිමේදි ඉල්ලුම් තැන්පතු පදනම් කර ගෙන වාණිජ බැංකු විසින් එම ණය සපයයි. මෙහිදිද මුදල් මැවිමක් සිදුවන අතර එය රටේ මුදල් සැපයුම ඉහළ නැංවිමට බලපායි. එම නිසා රජය වාණිජ බැංකු මගින් ණය ලබා ගැනිමද ප්‍රසාරණාත්මක ණය මාර්ගයක් ලෙස සැලකේ.
ණය ලබා ගැනිම නිසා විදේශ සම්පත් රට තුළට ගලා ඒම නිසා විදේශ වත්කම් වැඩි වන අතර එමගින් රටේ මුදල් සැපයුමද, ඉහළ නගිනු ඇත. එබැවින් ණය ගැනිම්ද ප්‍රසාරණාත්මක ණය මුලාශ්‍රයක් ලෙස සැලකේ.