රාජ්‍ය අයවැයෙහි ප්‍රාග්ධන වියදම්වල වැදගත්කම
 

රාජ්‍ය අයවැයෙහි ප්‍රාග්ධන වියදම් යනු, එම වර්ෂයේ ආයෝජන වියදම්ය. එය එම වර්ෂයේ ප්‍රාග්ධන සම්පාදනය ලෙස ද හැදින්විමට පුළුවන.

ප්‍රාග්ධන වියදම් මගින් සිදු කෙරෙන ආයෝජන මගින් එම වර්ෂයේ පමණක් නොව ඉදිරි වර්ෂවලදි ද රටේ නිමැවුම ඉහළ නැංවිමට හේතුවන ප්‍රාග්ධන තොගවල වැඩිවිමක් සිදුවේ.

රටක නිමැවුම, සේවා නියුක්තිය, ශුභසාධනය යනාදිය රදා පවතින්නේ ප්‍රාග්ධන වියදම් හෙවත් ආයෝජන මතය. එබැවින් රටක ආර්ථික වර්ධනය ප්‍රධාන වශයෙන් රදා පවත්නේ ප්‍රාග්ධන වියදම් මත බව සදහන් කළ හැකිය. බොහෝ රටවල් විසින් වැඩි ප්‍රාග්ධන වියදම් ප්‍රමාණයකින් යුත් හිග අයවැයක් සකස් කරන්නේ මෙම හේතුව නිසාය.

(c) Shilpa Sayura Foundation 2006-2017