කිසියම් වර්ෂයක රාජ්ය ආදායම ප්රමාණයට වඩා එම වර්ෂයේ, වර්තන වියදම් ප්රමාණය වැඩි විම, වර්තන ගිණුමේ හිග ශේෂය ලෙසද, රාජ්ය ආදායම් ප්රමාණයට වඩා වර්තන වියදම් ප්රමාණය අඩුවිම, වර්තන ගිණුමේ අතිරික්තය ලෙස ද හැදින්වේ. කිසියම් වර්ෂයක වර්තන ගිණුමේ ශේෂය සෘණ හෝ ධන අගයක් ගත හැකි බව මෙයින් පෙනි යයි.
වර්තන ගිණුමේ අතිරික්තය එනම්, වර්තන වියදම් ඉක්මවා පවතින රාජ්ය ආදායම් රාජ්ය ඉතුරුම් යනුවෙන් හැදින්වේ.
රාජ්ය ඉතුරුම් පවතින විට ඒවා ප්රාග්ධන වියදම් පියවිම සදහා යොදා ගත හැකිය. එවිට සමස්ත හිගය පියවිම සදහා ණය ලබා ගැනිම අඩුවනු ඇත.
එහෙත් රාජ්ය ඉතුරුම් නොමැති නම්, (එනම්, රාජ්ය ඉතුරුම් සෘණ නම්) එයින් අදහස් වන්නේ වර්තන වියදම් පියවා ගැනිමට ද නොහැකි තත්ත්වයක් පවතින බවය. ඒ අනුව වර්තන වියදම් සදහා ද එනම් පොදු පරිභෝජන කටයුතු සදහා ද ණය ලබා ගැනිමට රජයට සිදු වනු ඇත.