දකුණු ආසියාතික රටවල්
 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දකූණු ආසියාතික කලාපය උතූරෙන් හිමාලය කඳු පවුර නිසා ආසියාවේ අනිකූත් ගොඩබිම් වලින් වෙන් වේ. ඉතිරි පැති වටවී ඇත්තේ ඉන්දියන් සාගරයෙනි. අපගේ කලාපයට බටහිර පැත්තෙන් අරාබි මුහුදත් නැගෙනහිර පැත්තෙන් බෙංගාල බොක්කත් පිහිටා ඇති අතර ඉන්දියාව හැර ශ්‍රී ලංකාව, පාකිස්ථානය, බංගලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින් යන රටවල් හත දකූණූ ආසියාතික කලාපයට අයත් වේ. මේ හැර අන්දමන්, නිකොබාර් වගේ දූපත් ද මෙයට අයිතියි. අපේ කලාපයේ පිහිටා ඇති විශාල කඳූ වැටි , ගංඟා හා කූඩා දූපත් සිතියම් පොතක් ආධාරයෙන් හඳුනා ගත හැකිය.

අපේ කලාපයේ රටවල් සියල්ලම වාගේ පිහිටා ඇත්තේ සමකයෙන් උතූරේයි. ඒවා නිවර්ථන මෝසම් දේශගූණය ඇති රටවල්. ලෝකයේ ඉතා උණුසුම් ප්‍රදේශයක් වන ථාර් කාන්තාරය පිහිටා ඇත්තේද දකූණු ආසියා කලාපයේයි. එහි පිහිටා ඇති ඈසෑමයේ චෙරාපුංජිවලට ලෝකයේ අධිකම වර්ෂාපතන ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා වී ඇත. හිමාලයේ බෑවුම්වලට අධික වර්ෂාපතනයක් ලැබෙන නිසා, බංගලා දේශයේ හා ඉන්දියාවේ දහස් ගණන් ජනතාවට ගං වතුරින් අවුරුදු පතා මහත් විනාශයක් ලඟා වේ.


 

 

 



අපේ කලාපයේ කෘෂි ආර්ථිකයක් පවතින අතර වැඩි දෙනෙක්‌ ගොවියෝ වේ. වෙනත් රැකියාවල් කරන අයගේ ප්‍රතිශතය අඩු අතර අපේ රටවල් දිළිඳු සේ සැලකෙනවා. ඊට හේතු ඒක පුද්ගල ආදායම එනම් තනි පුද්ගලයකුගේ ආදායම ඉතාම අඩු මට්ටමක තිබීමය. අඩු ආදායම් පවතින රටවල් ගණයට තමයි ලංකාව අයත් වන්නේ බංග්ලාදේශය ඉතාම අඩු ආදායම් ලබන රට වලින් එකක්. අපේ කලාපයේ හැම රටක්ම අද විවිධ කර්මාන්ත ආරම්භ කර ඇති අතර ඉන්දියාව ඉතා දියුණුයි. අපේ අසල් වැසි රට ඉන්දියාව දැන් න්‍යෂ්ටික පර්යේෂණ පවා කරන අතර පාකිස්ථානයත් දැන් ඒ තත්ත්වයට පත්වෙමින් සිටිනවා. ඒත් දරිද්‍රතාවය හා අඩු සංවර්ධනය තවමත් කලාපය පුරාම පැතිර තිබෙනවා.



 

 

 

 

 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල් කාර්මික අතින් ඉදිරියට ඒමට උත්සාහ දරන අතර ඒවා නව කාර්මික රටවල් (නික්ස් රටවල්) තත්ත්වයට ළඟා වෙම්න් පවතිනවා. මේ කලාපයේ රටවල් අතූරින් ඉන්දියාව කාර්මික අංශයේ ප්‍රමුඛස්ථානය හිමි කරගෙන සිටින බව කිව යුතූයි. ගෘහ කර්මාන්ත මේ සෑම රටකම දක්නට ලැබෙනවා.

එපමණක් නොවෙයි. මේ කලාපයේ ශ්‍රේෂ්ඨ ආගම් දෙකක නිජ භූමියක්. හින්දු ආගම හා බුද්ධාගම, අද අප අතරින් වැඩි දෙනකේ අදහන ආගම් දෙකක්‌. ගෞතම බුදුන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ලුම්බිණිය ඇතූළු වැදගත් ආගමික මධ්‍යස්ථාන රාශියක් මේ කලාපයට අයිති යි. හින්දු ආගම ආරම්භ වූනේත් වැඩි වශයෙන් අද පැතිරිලා තියෙන්නේත් මේ කලාපයේ. හින්දු ආගමික මධ්‍යස්ථාන මේ කලාපය පුරාම පැතිර තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉස්ලාම් ආගම ද මේ කලාපයේ පැතිර තිබෙනවා.


 විශේෂයෙන් පාකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින් යන රටවල බහුතරය ඉස්ලාම් ආගමිකයින්. අපරදිග බලපෑම් නිසා කතෝලික හා ක්‍රිස්තියානි ආගම්, අදහන අය ද හැම රටකම ජීවත් වෙනවා. ඒ නිසා බහු ආගමික ලක්ෂණ දකූණු ආසියාතික කලාපයේ දකින්න පුඵවන්. එක් එක් ආගමට සුවිශේෂ වූ සිරිත් විරිත්, ඇදහිලි ක්‍රම වැනි සංස්කෘතිකාංග මේ කලාපය තූල දක්නට ලැබෙනවා. අපේ රටවල් වල නවීන විද්‍යාත්මක දැනුම, දියුණු වෙමින් පැවතූනත්, පාරම්පරික මිත්‍යා විශ්වාස, ඇදහිලි වැනි දේ තවමත් ප්‍රචලිතව ඇති බව පෙනී යනවා.



 

අපේ කලාපයේ භාෂාවල් කීපයක්ම කතා කරන අය ඉන්නවා. හින්දි, දෙමළ, සිංහල, උර්දු, තෙළිගූ, බෙංගාලි, නේපාලි, ෂොන්කා, වේහි වැනි භාෂාවල්. ඉංග්‍රීසි භාෂාව හැම රටකම වාගේ ව්‍යවහාරයේ පවතිනවා. මේ රටවල කලා ශිල්ප හා ගෘහ නිර්මාණ සාහිත්‍යය, සංගීතය, නාට්‍යකලාව, කෙරෙහි ආගමික බලපෑම් බහුලව දක්නට ලැබෙනවා. ආගම් ආශ්‍රයෙන් පවතින පෙරහැරවල් ඉතාමත් අලංකාරයි. වේල් පෙරහැර, මහනුවර ඇසල පෙරහැර එවැනි ආකර්ශණීය අවස්ථා ලෙස දක්වන්න පුඵවන්.


කලාපයේ බහුලව ඇත්තේ ග්‍රාමීය ජන සමාජයක්. නාගරික ජන සංඛ්‍යාව අඩුයි. ශීඝ්‍ර ලෙස ජනසංඛ්‍යාව වර්ධනය වීම මෙම කළාපයේ විශේෂ ලක්ෂණයක්. විශේෂයෙන්ම බංගලාදේශය වැනි රටවල අධික ජන සංඛ්‍යා චර්ධන වේගයක් තියනවා. එය 2.2% ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධන වේගය දැනට 1.1% දක්වා පහළ වැටිලා. ලෝකයේ මුඵ බිම් ප්‍රමාණයෙන් 1% ක් පමණ වන අපේ කළාපයේ, ලෝකයේ මුඵ ජනසංඛ්‍යාවෙන් 22% ක් පමණ වාසය කරනවා. මේ අය අතර අකූරු කියවීමේ හා ලිවීමේ හැකියාව අඩුයි. එහෙත් ශ්‍රී ලංකාවේ 90% ක් හා මාලදිවයින් වල 93% කට අකූරු කියවීමේ හා ලිවීමේ හැකියාව තිබෙනවා.


 

 

අපේ කලාපයේ මුහුණ පා සිටින ප්‍රධාන ගැටඵව ජන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිව්මයි. මෙම කලාපයේ ජන සංඛ්‍යාව හා එහි වර්ධනය නිසා විවිධ ගැටළු පැන නැගී තියෙනවා. ඒවා අතර ඉඩම්, නිවාස, ආහාර, රැකියා ආදී ගැටළු ප්‍රධාන වෙනවා.


මේ හැර දරිද්‍රතාවය, ආදයම අඩුකම, නූගත්කම, වැනි ගැටළුත් මේ කලාපයේ පවතිනවා.



ඒ වගේ ම වායුගෝලයේ උණුසුම වැඩිවීම පිළිබඳ තර්ජනයකට ද අද මුඵ ලෝකයම මුහුණ දෙමින් සිටිනවා. මේ හේතූවෙන් අපේ කලාපයේ මාලදිවයින් දූපත්වලට තර්ජනයක් විය හැකි බව දැනටමත් විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා. එසේ විය හැක්කේ හිමාලය කඳු ආශ්‍රිතව හිම දියවී මුහුදු මට්ටම ඉහල යාම නිසයි.












මීට අමතරව, ජනයා නගරවලට ඇදී ඒම, ආදිය නිසා මිලියන ගණනින් නගර ඇති වෙමින් තිබෙනවා. මුම්බායි, කල්කටාව, ඩැකා, ඉස්ලාමාබාද්, කොළඹ වැනි නගර වල ජන තදබදය නිසා තට්ටු ගොඩනැගිලි ඉදිවෙමින් පවතිනවා පමණක්‌ නොව, පැල්පත් මුඩුක්කූ ආදිය ශීඝ්‍රයෙන් පැතිරීම විශාල ගැටඵවක්. මේ නිසා පාරිසරික හා සමාජයීය ගැටඵ රාශියක් මතූ වී තිබෙනවා.

 

වර්තමානයේදී විවිධ වාර්ගික අර්බුද, දේශ සීමා අරගල වැනි ගැටළුත් මතූවෙලා. උදාහරණයක් වශයෙන් කාශ්මීර අරගලය නම් කරන්න පුළුවන්. කාශ්මීරයේ අයිතිය ලබා ගැනීමට අපේ කලාපයේ ප්‍රබල රටවල් දෙකක්‌ වන ඉන්දියාව හා පාකිස්ථානය තරඟ කරනවා. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයක් තිබෙනවා. ඉන් මිනිසුන් මිය යනවා. ආර්ථිකයට හානි පැමිනෙණවා.


(c) Shilpa Sayura Foundation 2006-2017