රාජ්‍ය අයවැය
 

ඉදිරි වර්ෂය සදහා රජයේ ඇස්තමේන්තු කරන ලද වැය ප්‍රම‍ාණය සහ එම වැය සදහා මුදල් ලබා ගැනිමට ඇස්තමේන්තු කරන ලද අය මාර්ගත්, අයවැය හිගයක් ඇතොත් එය පියවා ගැනිමේ මාර්ගත් ඇතුළත් ගිණුම් වාර්තාව “රාජ්‍ය අයවැය” යනුවෙන් හැදින්වේ.

අයවැය ලේඛනය මුදල් වර්ෂයට අදාළ රජයේ මුදල් සැලැස්මය. එය ක්‍රියාත්මක කිරිම සදහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම අවශ්‍ය වේ. අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ නිතියක් වශයෙන් සම්මත විම, පාර්ලිමේන්තු විසර්ජන පනත සම්මත විම යනුවෙන් හදුන්වනු ලැබේ.

අයවැය ලේඛනය මගින් නිමැවුම, සේවා වියුක්තිය, මිල මට්ටම, විදේශ ගිණුම්, යනාදි සාර්ව ආර්ථික විචල්‍යය කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. එබැවින් අයවැය ලේඛනය, රජයක් සතු ප්‍රධාන ආර්ථික උපකරණයක් ලෙස සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017