ප්‍රාග්ධන වියදම්
 

වියදමේ ප්‍රතිඵලය, වියදම් කරනු ලබන වර්ෂයට පමණක් නොව, තවත් වර්ෂ ගණනාවක් ඉදිරියට බල පැවැත්වෙන පරිදි මුල්‍ය හා මුර්ත වත්කම් මිලට ගැනිම හා අත්පත් කර ගැනිම සදහා දරනු ලබන වියදම් ප්‍රාග්ධන වියදම් ලෙස හැදින්වේ.

මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, රජය යන්ත්‍ර මිලදි ගැනිමට රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති විට, එය ප්‍රාග්ධන වියදමක් ලෙස සැලකේ. වෙන් කළ වර්ෂයේ ම එම මුළු ම්දලම වියදම් කර අවසාන වුවුද එම වියදමෙහි වටිනාකමින් කිසියම් කොටසක් ඉදිරි වර්ෂයේදි ද රජයට ප්‍රයෝජනයට ගත හැකි ලෙස ඉතිරිව පවතින හෙයින් එය ප්‍රාග්ධන වියදමක් ලෙස සලකනු ලැබේ.

ප්‍රාග්ධන වියදම් සදහා නිදසුන්

භාණ්ඩාගාර බිල්පත් රජයේ සුරැකුම්පත් වැනි මුල්‍ය වත්කම් මිලදි ගැනිම, කම්හල්, යන්ත්‍ර සුත්‍ර වැනි මුර්ත වත්ක්ම මිලදි ගැනිම.

ප්‍රාග්ධන වියදම් යටතේ පහත සදහන් සංකල්පද අවධානයට ගන්න.

- මුර්ත වත්කම්
නිදසුන් :- වසරකට වැඩි කාලයක් පවතින යන්ත්‍රෝපකරණ, මෙවලම්, ගොඩනැගිලි

- ප්‍රාග්ධන සංක්‍රාම
රාජ්‍ය සංස්ථාවලට සැපයෙන ප්‍රාග්ධන වියදම්

- ශුද්ධ ණය දිම්
ආපසු ගෙවිම් අඩු කළ පසු ණය දිම්

ප්‍රාග්ධන වියදම් වර්ගිකරණය

ප්‍රාග්ධන වියදම් ද, වර්තන වියදම් මෙන් පදනම් දෙකක් යටතේ වර්ග කළ හැකිය.

      • ආර්ථික පදනම
      • කාර්ය බද්ධ පදනම

ආර්ථික පදනම යටතේ, ප්‍රාග්ධන වියදම් කොටස් දෙකකට වර්ග කර දැක්වේ.

  • මුර්ත වත්කම් අයත්කර ගැනිම්

නිදසුන් :- මංමාවත්, විදුලි බලාගාර, විදුලි සංදේශ සේවා යනාදිය වැඩි දියුණු කිරිම තුළින් ආර්ථිකයේ යටිතල පහසුකම් සංවර්ධනය සදහා කෙරෙන ආයෝජන

  • ප්‍රාග්ධන පැවරුම්

නිදසුන් :- රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා යනාදි රාජ්‍ය ආයතනවලට මුර්ත වත්කම් මිලට ගැනිම

කාර්ය බද්ද පදනම යටතේ ප්‍රාග්ධන වියදම් කොටස් තුනකට වර්ග කර දැක්වේ.

    • ආර්ථික සේවා

නිදසුන් :- වාරි කර්මාන්තය, වරාය හා ගුවන් තොටු පොළ, බල ශක්තිය, සන්නිවේදනය යනාදි අංශවල ප්‍රාග්ධන වත්කම් වැඩි කිරිම සදහා කෙරෙන වියදම්

    • පොදු සේවා

නිදසුන් :- ආරක්ෂක කටයුතු, සිවිල් පරිපාලනය යන කටයුතු සදහා මුර්ත වත්කම් ලබා ගැනිමට කෙරෙන වියදම්

    • සමාජ සේවා

නිදසුන් :- සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, යනාදි අංශවල ප්‍රාග්ධන සම්භාරය වැඩි කිරිම සදහා කෙරෙන වියදම්

කාර්යයන් අනුව සහ ආර්ථික වර්ගිකරණයට අනුව රාජ්‍ය වියදම් වර්ග කර දැක්විම පිළිබද සැලකිය යුතු කරුණු

4.4 සංඛ්‍යා සටහන මගින් කාර්යය අනුව රාජ්‍ය වියදම්හි වර්ගිකරණය දක්වා ඇත. මෙහිදි වියදම් වර්ග කර ඇත්තේ ආර්ථිකයේ ප්‍රධාන නිෂ්පාදන අංශ අනුවය. ඒ අනුව වර්තන වියදම් ද, ප්‍රාග්ධන වියදම් සහ ණයදිම්ද, සමාන අංශ යටතේ දක්වා ඇත. ඒ අනුව වර්තන වියදම් ද, ප්‍රාග්ධන වියදම් සහ ණයදිම්ද, සමාන අංශ යටතේ දක්වා ඇත. යම්කිසි අංශයකට අදාළ වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වෙන් කොට හදුනා ගැනිමට මේ අනුව හැකි වෙයි. නිදසුන් වශයෙන්, 4.4 සංඛ්‍යා සටහන අනුව ප්‍රවාහන සහ සන්නිවේදනය සදහා 2002 දී වර්තන වියදම රුපියල් දශලක්ෂ 5,403 කි. ප්‍රාග්ධන වියදම සහ ණයදිම් රුපියල් දශලක්ෂ 20,323 කි.

4.5 සංඛ්‍යා සටහන මගින් ආර්ථික වරගිකරණයට අනුව වියදම් සහ ශුද්ධ ණයදිම් දැක්වේ. මේ මගින් ආර්ථික ක්‍රියාකිර්ත්වය අනුව වර්තන හා ප්‍රාග්ධන වියදම්වල හැසිරිම දක්වා ඇත. තවද, මේ යටතේ වර්තන වියදම්වලට අයත් වර්තන පැවරුම් හා සහනාධාර (එනම් වර්තන සංක්‍රාම) සහ ප්‍රාග්ධන වියදම්වලට අයත් ප්‍රාග්ධන පැවරුම් (ප්‍රාග්ධන සංක්‍රාම) ඒවා ලබා දුන් ආයතන අනුව වෙන් කොට දක්වා ඇත.

මේ අනුව, කාර්යයන් අනුව සහ ආර්ථික වර්ගිකරණයට අනුව යනාදි ලෙස ප්‍රවේශ දෙකකින් රාජ්‍ය වියදම් සලකා බැලිමෙන් දෘෂ්ටි කොණ දෙකක් යටතේ රාජ්‍ය වියදම් විග්‍රහ කර බැලිමට අවස්ථාව සැලසේ.

(c) Shilpa Sayura Foundation 2006-2017