රාජ්‍ය සේවාවන් පවත්වා ගෙන යාමේදි, අදාළ මුදල් වර්ෂයට පමණක් සිමා වු රාජ්‍ය වියදම් හෙවත්, රජයේ එදිනෙදා කටයුතු පවත්වා ගෙන යාම වෙනුවෙන් දරන වියදම්, වර්තන වියදම් යනුවෙන් හැදින්වේ. වර්තන වියදම්, නැවත නැවතත් කළ යුතු වියදම් බැවින් පුනරාවර්තන වියදම් යනුවෙන් ද හැදින්විය හැකිය.
තවත් ආකාරයකින් පවසන්නේ නම්, වර්තන වියදම් රාජ්‍ය ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමේ වියදම් ලෙසද හැදින්විමට හැකිය.
වර්තන වියදම් සදහා නිදසුන් :-
භාණ්ඩ හා සේවා මිලට ගැනිම්, රජයේ පරිපාලන වියදම්, විශ්‍රාම වැටුප්
වර්තන වියදම්, වර්ගිකරණය
වර්තන වියදම් වර්ගිකරණය කළ හැකි වැදගත් ආකාර දෙකක් මෙසේය.
- ආර්ථික පදනම
- කාර්ය බද්ද පදනම
කාර්ය බද්ධ පදනම යටතේ වර්තන වියදම් කොටස් තුනකට බෙදා දැක්වේ.
- ආර්ථික කාර්ය
නිදසුන්:- කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු
- සමාජ සේවා
නිදසුන්:- සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා
- පොදු කාර්ය (සාමාන්‍ය පොදු සේවා)
නිදසුන්:- ආරක්ෂක කටයුතු, සිවිල් පරිපාලනය
ආර්ථික පදනම යටතේ වර්තන වියදම් කොටස් තුනකට බෙදේ. ඒවා නම්,
- භාණ්ඩ හා සේවා මිලට ගැනිම්
නිදසුන්:- වැටුප් හා වේතන
- පොලි ගෙවිම්
නිදසුන්:- දේශිය හා විදේශිය ණය සදහා පොලි ගෙවිම්
- වර්තන පැවරුම් (වර්තන සංක්‍රාම)
නිදසුන්:- නොමිලේ පාසල් පොත් බෙදා දිම, විශ්‍රාම වැටුප්, දිළිදු සහනාධාර