ශ්‍රී ලංකාවේ පැනවි ඇති සාජු බදු සහ වක්‍ර බදු
 

ශ්‍රී ලංකාවේ බදුවලින් දළ වශයෙන් 18%ක් පමණ සෘජු බදු වන අතර 82%ක් පමණ වක්‍ර බදුය.

ආදායම් බදු, මුද්දර බදු, හර බදු, යනාදිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෘජු බදු වන අතර සමස්ත සෘජු බදුවලින් වැඩිම කොටස ආදායම් බදු මගින් සැපයේ.

ශ්‍රී ලංකාවේ වක්‍ර බදු ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. ඒවා නම් භාණ්ඩ හා සේවා මත පැනවි ඇති බදු හා ජාත්‍යන්තර වෙළෙදාම මත පැනවි ඇති බදුය. මෙයින් ප්‍රධාන ස්ථානය භාණ්ඩ හා සේවා මත පැනවි ඇති බදුවලට හිමිවේ.

වක්‍ර බදු ආදායම් සංයුතිය සමස්තයක් වශයෙන් සලකා බලන විට වැඩිම වක්‍ර බදු ප්‍රමාණයක් භාණ්ඩ හා ‍සේවා බදුද (G S T) මගින්ද, ඊළගට වැඩිම ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළෙදාම මත පනවන්නාවු ආනයන බදු මගින්ද සැපයේ.

(c) Shilpa Sayura Foundation 2006-2017