05. මුසලඩි වන්නම
 
හාවෙකුගේ ගමන් විලාසය හා ගතිපැවතිම් ගෙන හැර පාන වන්නමකි


 තාලරූපය :
මැදුම් මහ දෙතිත හා මැදුම් තනිතිත
 
 බෙරපදය 1 : තකුං ජිංජිං තකට දොංතක ( මැදුම් මහ දෙතිත )
බෙරපදය 2 :
ජිං ගත ගෝගෝ ( මැදුම් තනිතිත )
 ( **තානම,කවිය, කස්‌තිරම, සීරුමාරුව හා අඩව්වේ වරහන් කොට දක්‌වා ඇති පේලී මැදුම් තනිතිත තාල රූපයට ගැයෙන අවස්‌තාවේ )තානම :තා නත්ත තනෙ නත්ත තානම් //
 ( තනත් තනෙන තතන තනෙන තානෙන තම් දාන තනෙන // )
 නා නත්ත තනෙ නත්ත තානම් //
 
 ගීතය :
 වන පැත්ත බිය පත්ව සයනම් //
 ( දුටත් යනෙන විටත් දුවන පිටත් පොටගසා පනිමින // )
 නැත නාඩි ඉඳ වාඩි වෙව්ලුම් //
 නොනැවත්ත යනු නැත්ත එතැනින් //
 ( හිරුත් අවර ගිරත් පැමිණි කලත් වසන තැනින් දුවන // )
 පැන සාඬි පත් රාසි බුදිමින් //
 සිරි ගත්ත සදු පත්ව මුදුනින් //
 ( විටත් ඔවුන තුටත් සිතින මහත් සමඟින් දුවපැන // )
 වුනු දැඩි වන වාඩි ලන්නම් //
 මේ ඇත්තමයි සත්ත කියනෙම් //
 ( ගමනක්‌ යන විලසත් ගෙන ඉසිදුන් දෙවි කළ සතොසින // )
 කර දැඩි මුසලාඩි වන්නම් //
 
 කස්‌තිරම :
 
රුඳග ජිත්තක තකට කුංදත්
 තත්ග ජිත්තක තකට කුංදත්
 ( ජිකුතක තරිකිට කුංදත් තාග්ග ජිත් ජිං කුන්දත්
 රොංතක ජිං තකුතක ජිංතකු තක තරිකිට කුකුඳත්
)
 රුඳග ජිත්තක තකට කුංදත්
 තත්ග ජිත්තක තකට තරිකිට දොමිකිට
 රුංතක ජිංජිං රුංතක ජිංජිං
 රුංතක ජිත්තක තකට තහකඩ දොහකඩ
 රුංතක ජිත්තක තකට කඩතක තරිකිට
 දොදොං තා
 
 සීරුමාරුව :
 තකට දොද්දොං තා තක්‌කඩ
 (තකට දොදොං තා තකට )
 තකට දොද්දොං තා
 
 අඩවුව :
 තත්ත තරිතරි තතරි තරිතරි
 රුංතක කඩ දොං තරිකිට ගතත් තැහිං
 ( ගත්ත තෙහිඟු තකට තකුඳ
 තත්කඩ ජික්‌කඩ තරිකිට තකට තකුඳ
 ගතත් තෙහිඟු තකට තකුඳ
 ජික්‌කඩ ජික්‌කඩ තරිකිට තකට තකුඳ
)
 තතත් ජිත් ජිත් තොතොං නං නං
 රුංතක තක්‌කුං තරිකිට තිතිත් තෙයි.
 ප්‍රස්‌ථාරය :