බදු අය කිරිම නිසා ඇතිවිය හැකි ප්‍රධාන ආර්ථික ප්‍රතිවිපාක කිහිපයක් පහත දැක්වේ.
- පරිභෝජනය අඩුවිම :- පුද්ගලයෙකුගේ නාමික ආදායමෙන් බදු අඩු කළ විට වැය කළ හැකි ආදායම ලැබේ. පරිභෝජනය රදා පවතින්නේ වැය කළ හැකි ආදායම මතය. එබැවින් බදු නිසා පරිභෝජනය අඩු විය හැකිය.
- ඉතිරි කිරිම් අඩුවිම :-
- නාමික ආදායම - බදු = වැය කළ හැකි ආදායම
- වැය කළ හැකි ආදායම - පරිභෝජනය = ඉතිරි කිරිම්
මේ අනුව බදුවල ප්රතිවිපාකයක් වශයෙන් ඉතිරි කිරිම් අඩු විය හැකිය.
- ආයෝජන අඩුවිම :-
- නාමික ආදායම - බදු = වැය කළ හැකි ආදායම
- වැය කළ හැකි ආදායම - පරිභෝජනය = ඉතිරි කිරිම්
- ඉතිරි කිරිම් = ආයෝජන
ඉතිරි කිරිම්, ආයෝජනවලට සමාන බව පිළිගැනේ. මේ අනුව බදුවල ප්රතිවිපාකයක් වශයෙන් ආයෝජන අඩුවිය හැකිය.
ශ්‍රම සැපයුම වෙනස් විම :- බදු නිසා ශ්‍රම සැපයුම අඩුවිම හෝ වැඩිවිම සිදුවිය හැකිය. බදු නිසා ශ්‍රම සැපයුම අඩුවිම හෝ වැඩි විම හෝ සිදු වන්නේ, බදුවල ආදේශන ප්රතිවිපාකය සහ බදුවල ආදායම් ප්රතිවිපාකය හේතු කොට ගෙනය. ඒ අනුව බදුවල ආදේශන ප්රතිවිපාකය, බදුවල ආදායම් ප්රතිවිපාකය ඉක්මවා පවතින විට ශ්‍රම සැපයුම අඩුවන අතර බදුවල ආදායම් ප්රතිවිපාකය, බදුවල ආදේ?ශන ප්රතිවිපාකය ඉක්මවා පවතින විට ශ්‍රම සැපයුම වැඩි වේ.
බදුවල ආදේශන ප්රතිවිපාකය යනු, වැඩි ඉපැයිම් මත වැඩි බදු ප්‍රමාණයක් ගෙවිමට සිදුවන නිසා පුද්ගලයන් අඩුවෙන් ශ්‍රමය සැපයුම් කිරිමට පෙළඹීය.
බදුවල ආදායම් ප්රතිවිපාකය යනු, බදු නිසා තමන්ට අහිමි වි යන ආදායම් ලබා ගැනිම සදහා පුද්ගලයන් වැඩියෙන් ශුමය සැපයුම් කිරිමට පෙළඹිමය.
වක්‍ර බදුවල ප්‍රතිවිපාක ප්‍රතික්‍රම වේ යැයි සැලකෙන බව,
බදු ප්රතික්රමික විම යනු, ගෙවන ලද මුළු බදු ප්‍රමාණය, බදු ගෙවිමේ ශක්තියට සාපේක්ෂව බලන විට එම ශක්තියේ වැඩි විමත් සමගම ගෙවනු ලබන බදු ප්‍රමාණයද, ක්‍රමයෙන් අඩ්රවන තත්ත්වයකි. බදු ආපාතය අනුව වක්‍ර බදු ප්රතික්රමවන බව සැලකේ. මිට හේතුව අඩුවන පාරිභෝගිකයා භාණ්ඩයක් සදහා ගෙවන බද්ද ඔහුගේ ආදායම හා ධනය මත වෙනස් නොවන නිසාය. නිදසුන් ලෙස සබන්, රෙදි, පාන්, වැනි සාමාන්‍ය ජන ජිවිතයේදි පරිභෝජනය වන භාණ්ඩ සදහා අය කෙරෙන, භාණ්ඩ හා සේවා බද්ද සෑම ගැනුම්කරුවෙකු විසින් ම භාණ්ඩ මිලදි ගැනිමේ දි අනිවාර්යයෙන්ම ගෙවනු ලැබුවත් එම බදු මුදල ඉහළ ආදායම් ලබන්න්ගේ ආදායමෙන් සුළු ප්‍රතිශතයක් වනු ඇත.
සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන භාණ්ඩ බදු වලින් නිදහස් කිරිම ඒවාට අඩු බදු අනුපාතයක් පැනිවිම, ඉහළ ආදායම් ලබන්නන් පරිභෝජනය කරන සුඛෝපභෝගි භාණ්ඩවලට ඉහළ බදු අනුපාතයක් අය කිරිම, යනාදි ක්‍රමවලින් වක්‍ර බදු ප්‍රතිවිපාකවල ප්‍රතික්‍රම බව බොහෝ දුරට අඩු කර ගත හැකිය.