- අනුක්‍රම බදු
- සමානුපාතික බදු
- ප්‍රතික්‍රම බදු
අනුක්‍රම බදු:- ආදායම් වැඩිවන විට, අය කෙරෙන බදු අනුපාතිකයද ක්‍රමයෙන් වැඩිවන ආකාරයේ බදු අනුක්‍රම බදු ලෙස සැලකේ.
අනුක්‍රම බදුවල ප්‍රධාන වාසි
- පහළ ආදායම් කාණ්ඩවලට අඩු බදු මුදල් ප්‍රමාණයක් පමණක් ගෙවිමට සිදු විම.
- ඉහළ ආදායම් කාණිඩවලට වැඩි බදු මුදල් ප්‍රමාණයක් අයකර ගත හැකි විම.
- රටේ ධන ව්‍යාප්තියේ විෂමතාවේ වෙනසක් සිදු කිරිමට අපයෝගි කර ගත හැකිවිම.
අනුක්‍රම බදුවල ප්‍රධාන අවාසි
- පරිත්‍යාගය අතින් සමානත්වය ඇති කරන නිවැරදි අනුක්‍රමිකතා මට්ටම් (අනුපාත) තිරණය කර ගැනිම දුෂ්කර විම.
- ආදායම් මත පැනවෙන ඉතා ඉහළ බදු අනුපාතික හේතු කොට ගෙන ආයෝජන හා නිෂ්පාදන කටයුතු අඩාල විම.
සමානුපාතික බදු :- ආදායම් කුමන මට්ටමක පැවතියත් ස්ථාවර අනුපාතිකයක් යටතේ අය කෙරෙන බදු, සමානුපාතික බදු ලෙස සැලකේ.
සමානුපාතික බදුවල ප්‍රධාන වාසි
- අවබෝධ කර ගැනිම හා ගණනය කිරිම පහසුය.
- සෑම ආදායම් කාණ්ඩයකට අයත් පුද්ගලයන් විසින් ම බදු ගෙවිය යුත්තේ එකම අනුපාතයක් යටතේ නිසා ඉහළ ආදායම් කාණ්ඩවලට වාසිදායක තත්ත්වයක් ඇති විම.
සමානුපාතික බදුවල ප්‍රධාන අවාසි
- අඩු ආදායම් ලබන කාණ්ඩ විසින් ද, ඉහළ ආදායම් ලබන කාණ්ඩ විසින් ගෙවන බදු අනුපාතයම ගෙවිය යුතු හෙයින් අඩු ආදායම් කාණ්ඩවලට අසාධාරණයක් සිදු විම.
- රටේ ධන ව්‍යාප්තියේ විෂමතාවයේ වෙනසක් සිදු විමට බලපෑමක් නොවිම.
ප්‍රතික්‍රම බදු :- ආදායම් වැඩිවත්ම අය කෙරෙන බදු අනුපාතිකය පහළ යන ආකාරයට නියම කෙරෙන බදු, මෙයින් අදහස් වේ.
ප්‍රතික්‍රම බදුවල ප්‍රධාන වාසි
- ආදායම් වැඩි පුද්ගලයන් විසින් ගෙවිය යුතු බද්ධ සාපේක්ෂ වශයෙන් අඩු නිසා ආදායම් වැඩි පුද්ගලයන්ට වැඩදායකය.
- දිළිදු ජන කොටස් ප්‍රමාණය වැඩි නිසා බදු ගෙවිමට වැඩි පිරිසක් සහභාගි කර ගැනිම තුළින් වැඩි බදු මුදල් ප්‍රමාණයක් එකතු කර ගත හැකි විම.
ප්‍රතික්‍රම බදුවල ප්‍රධාන අවාසි
- දිළිදු ජන කොටස්වලින් අධික බදු මුදල් ප්‍රමාණයක් එකතු කර ගැනිම ඉතාමත් අසාධාරණයකි.
- රටක ධන ව්‍යාප්තියේ විෂමතාවයේ වෙනසක් ඇති කිරිමට උපකාරි නොවන බදු වර්ගයකි.