බදු බර අනුව වර්ග කිරිම
 

බදු බර අනුව වර්ග කිරිම

බදු ගෙවන්නා විසින් ම බදු බර බොහෝ දුරට දරන බදු, සෘජු බදු ලෙස ද බදු බර බොහෝ දුරට වෙනත් කෙනෙකුට විතැන් කළ හැකි බදු, වක්‍ර බදු ලෙස ද හැදින්වේ. මෙම කරුණු තව දුරටත් සලකා බැලිය හැකිය.

සෘජු බදු යනු, ආදායම, ධනය හා වත්කම් මත පැනවෙන බදුය. සෘජු බදු රජයට ගෙවන්නේ ද අදාළ පුද්ගලයා විසින්මය. මේවායෙහි බදු බර වෙනත් අය වෙත විතැන් කිරිම අඩුය. වක්‍ර බදු යනු, භාණ්ඩ හා සේවා මත පැනවෙන බදුය. වක්‍ර බදු නිෂ්පාදකයන්/ සැපයුම්කරුවන් විසින් එකතුකර රජයට ගෙවනු ලැබේ. වක්‍ර බදු බහුල ලෙස වෙනත් අය වෙත විතැන් කෙරේ.

සෘජු බදුවල ප්‍රධාන වාසි

  • සාධාරණ බව :- බහළ හා පහළ ආදායම් භාණ්ඩවලට සාධාරණ වන පරිදි සාජු බදු පැනවිය හැකිය. සාමාන්‍යයෙන් සාජු බදුවල බදු බර විතැන් කළ නොහැකි බවද සැලකේ.
  • නිශ්චිත බව :- තමන් ගෙවිය යුතු බද්දෙහි ප්‍රමාණය, බදු ගෙවිය යුතු කාලය පිළිබද බදු ගෙවන්නාට දැන ගැනිම පහසුය.
  • පිරිමැසුම් සහගත බව :- රජය සෘජු බදු අය කර ගැනිමේ වියදම අඩුය.
  • නම්‍යශිලි බව :- රජයට අවශ්‍ය පරිදි ක්ෂණිකව බදු ආදායම වැඩි කර ගැනිම සදහා සාජු බදු උපයෝගි කර ගත හැකිය.
  • ප්‍රජා හැගිම් පුළුල් කිරිමට උපයෝගි වන බව :- සෘජු බදු ගෙවන්නත් තමන් ගෙවන බදු පිළිබද පැහැදිලි අවබෝධයකින් සිටින නිසා රජයෙන් ඉටුවිය යුතු යුතුකම් හා තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියා කිරිමට පෙළඹිම මෙයින් අදහස් වෙයි.

සෘජු බදුවල ප්‍රධාන අවාසි

  • අධික බදු බරක් දැරිය යුතු විම :- සාජු බදු ගෙවිමේ දි විශාල මුදල් ප්‍රමාණයක් එකවර ගෙවිමට සිදු වේ. මෙය බදු ගෙවන්නාට ඉතාමත් අපහසුවකි.
  • බදු පැහැර හැරිම :- අසත්‍ය ආදායම් වාර්තා ඉදිරිපත් කරමින් සෘජු බදු මග හැරිමට අවස්ථා බහුල බව සැලකේ.
  • රටේ ආර්ථික වර්ධනයට බාධා ඇතිවිය හැකි බව :- බදු බර අධික වු විට ඉතිරි කිරිම්, ආයෝජන, ව්‍යවසායකත්ව, යනාදි කටයුතු අධෛර්යමත් වි රටේ ආර්ථික වර්ධනයට බාධා පැමිණිය හැකි විම.

වක්‍ර බදුවල ප්‍රධාන වාසි

  • රටේ සෑම පුද්ගලයෙකුම බදුවලට දායක කරගත හැකිවිම.
  • වක්‍ර බදු ගෙවිම ඉතාමත් පහසුය. වක්‍ර බදු, භාණ්ඩ හා සේවා මිල ගණන්වලට ඇතුළත් කර ඇති බැවින් බදු ගෙවන්නන් නොදැනුවත්වම ඒවා ගෙවයි.
  • වක්‍ර බදු මුදල් රජයට පහසුවෙන් එකතු කර ගත හැකි විම.
  • රජයට වැඩි බදු ආදායමක් ලබා ගැනිම සදහා යොදා ගත හැකිවිම. නිදසුන් :- අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සදහා වක්‍ර බදු ඉහළ නැංවිමෙන් රජයට වැඩි බදු ආදායමක් රැස් කර ගත හැකිය.
  • ධනවත් ජන කොටස්වලින් පමණක් ඉහළ වක්‍ර බදු ආදායමක් ලබා ගැනිමටද, වක්‍ර බදු යොදා ගත හැකි විම. නිදසුන් :- ධනවත් අය පරිභෝජනය කරන සුඛෝපභෝගි භාණ්ඩවලට වැඩි වක්‍ර බදු පැනවිම.
  • වක්‍ර බදු පැහැර හැරිම දුෂ්කර විම.
  • හානිකර පාරිභෝජනය වළකාලිමට වක්‍ර බදු යොදා ගත හැකි විම.

වක්‍ර බදුවල ප්‍රධාන අවාසි

  • භාණ්ඩ හා සේවා මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ යාම, (නියමිත වක්‍ර බදුවල ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් අතරමැදියන් විසින් භාණ්ඩ හා සේවා මිල ගණන් අහිතකර ලෙස ඉහළ නැංවිම බොහෝ විට සිදුවේ.)
  • වක්‍ර බදු යටතේ දිළිදු, ධනවත්, යන ජන කොටස් දෙකටම ගෙවිමට සිදු වන්නේ එකම බදු අනුපාතයකි. මෙය සාධාරණ යැයි පිළිගත නොහැකිය.
  • වක්‍ර බදු නියමිත පරිදි රැස්කර ගැනිමට නම් සියලුම නිෂ්පාදන ප්‍රභවයන් රජය විසින් දැඩි ලෙස පරිපාලනය කළ යුතුය. මෙය ඉතා දුෂ්කර කටයුත්තක් ලෙස සැලකේ.
  • බදු ගෙවන්නන් තුළ, තමන් ගෙවන බදු මුදල්වලට අදාළව රජයෙන් ඉටුවිය යුතු යුතුකම් හා තම අයිතිවාසිකම් පිළිබද ප්‍රජා හැගිම් ඇති කිරිමට වක්‍ර බදු මගින් පෙළඹවිමක් නොමැති විම.
(c) Shilpa Sayura Foundation 2006-2017