බදු බර විතැන් කිරිම සාධක කිහිපයක් මත රදා පවති. එයින් ප්‍රධාන ඒවා පහත දැක්වේ.
- භාණ්ඩ ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාව
භාණ්ඩයකට අනම්‍ය ඉල්ලුමක් පවතින විට බදු බර විතැන් කළ හැකි අතර, නම්ය ඉල්ලුමක් පවතින විට බදු බර විතැන් කළ නොහැකි අතර, නම්ය සැපයුමක් පවතින විට බදු බර විතැන් කළ හැකිය.
- වෙළෙද පොළේ ස්වභාවය
කෙටි කාලයේ දි බදු බර විතැන් කළ හැකි අතර දිගු කාලයේ දි බදු බර විතැන් කළ නොහැකිය.
- ව්‍යාපාර අරමුණුවල ස්වභාවය
නිදසුන් වශයෙන්, විකුණුම් අපරිම කිරිම අරමුණ යටතේ ක්‍රියා කිරිමේ දි බදු බර විතැන් කිරිම එතරම් යෝග්‍ය නොවන අතර, ලාභ උපරිම කිරිම අරමුණු යටතේ ක්‍රියා කිරිමේ දි බදු බර විතැන් කිරිම, පිළිගැනිමට හැකිය.
- නිෂ්පාදිතවල ස්වභාවය
ඇතැම් නිෂ්පාදිතවල බදු බර, එම නිෂ්පාදිත ඇසුරෙන් නිපදවෙන වෙනත් නිෂ්පාදිත මගින් විශාල වශයෙන් විතැන් කළ හැකිය.
නිදසුන් :- තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියලකින් ඉහළ ගිය විට, ඉදි ආප්පයක මිල ශත විසි පහකින් ඉහළ නැංවිම, (තිරිගු පිටි කිලෝ ග්රෑමයකින් ඉදි ආප්ප 100 ක් පමණ සෑදිය හැකියැයි සිතමු.)