බදු බර විතැන් කිරිම
 

බදු බර, බදු ගෙවු තැනැත්තා විසින් ම දරන්නේ නැතිව, එම බදු බර හෝ එයින් කොටසක් පමණක් හෝ වෙනත් පුද්ගලයෙකුට මාරු කිරිම, බදු බර විතැන් කිරිම යනුවෙන් හැදින්වේ.

බදු බර විතැන් කිරිම දෙයාකාරයකින් සිදු කළ හැකිය. එනම්,

  • සාධක මිල අඩු කිරිම මගින් බදු බර ආපස්සට විතැන් කිරිම.


මෙම ක්‍රමය යටතේ සාධක හිමියන් වෙත (එනම් සැපයුම්කරුවන් වෙත) ගෙවනු ලබන වැටුප්, බදු, පොළි යනාදිය අඩුවන අතර, ඒ අනුව බදු බර එම සාධක හිමියන් වෙත විතැන් වේ.

  • භාණ්ඩ මිල ඉහළ නැංවිම මගින් බදු බර ඉදිරියට විතැන් කිරිම.


මෙම ක්‍රමය යටතේ බදු බර පාරිභෝගිකයන් වෙත විතැන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017