බදු
 

බදුදක් යනු, රාජ්‍ය අධිකාරි බලය යටතේ පනවනු ලබන අනිවාර්ය ගෙවිමකි.

බදු අය කිරිමේ අරමුණු


  • රජයට ආදායම් ලබා ගැනිම.

  • දේශිය කර්මාන්ත ආරක්ෂා කර දිම.

  • අහිතකර පරිභෝජන කටයතු සිමා කිරිම.

  • ආදායම් බෙදි යාමේ විෂමතා අවම කිරිම.

  • උද්ධමනකාරි තත්ත්වයන් පාලනය කිරිම.

  • ආර්ථිකයේ වර්ධනය කළ යුතු අංශවලට දිරි දිම.


බදු මුලධර්ම


බදු ක්‍රමයක තිබිය යුතු ගුණාංග හෙවත්, හොද බදු ක්‍රමයක තිබිය යුතු ලක්ෂණ, බදු මුලධර්ම ලෙස සැලකේ.

ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනෙන බදු ම්ලධර්ම පහත දැක්වේ.

  • සාධාරණ බව.

  • මධ්‍යස්ථ බව.

  • නිෂ්චිත බව.

  • පහසු බව.

  • පිරිමැසුම් සහිත බව.

  • ස්ථායිකරණ හා වර්ධන අරමුණු ගැනිවිම.

  • ආදායම් ව්‍යාප්තියේ අසමානතා අඩු කරලිම.


සාධාරණ බව :- පුද්ගලයන් භුක්ති විදින්නා වු ආදායම්වලට සාමානුපාතිකව ඔවුන්ගෙන් බදු අය කළ යුතු බව., මෙයින් අදහස් වේ. මේ අනුව සිරස් සමානතාව හා තිරස් සමානතාව සලකා බදු අය කිරිම් සිදු කිරිම වැදගත් බව සැලකේ. සිරස් සමානතාව යටතේ, ආදායම් අතින් අසමාන පුද්ගලයන්, අසමාන ආදායම් ඇති පුද්ගලයන් ලෙස ද, තිරස් සමානතාව යටතේ අසමාන පුද්ගලයන්, අසමාන ආදායම් ඇති පුද්ගලයන් ලෙස ද, සලකා බදු අය කෙරේ. මෙම ක්‍රම අනුව බදු අය කිරිමෙන් පුද්ගලයන්ගේ ගෙවිම් ශක්තිය පදනම් කරගෙන, බදු අය කිරිම් සිදු කෙරෙන බව, සාධාරණ බව මුලධර්මයෙන් වැඩි දුරටත් අදහස් වේ.

මධ්‍යස්ථ බව :- බදු නිසා අනපේක්ෂිත අන්දමේ ප්‍රතිවිපාක ආර්ථිකයේ ඇති නොවන පරිදි බදු පැනවිය යුතු බව මෙම මුලධර්මයෙන් අදහස් වේ.

නිදසුන් :- පාරිභෝගික ඉල්ලුම කෙරෙහි ද නිෂ්පාදන සැපයුම, උද්ධමනකාරි තත්ත්වය, යනාදිය කෙරෙහි බදු මගින් කෙරෙන බලපැම් අවම විය යුතුය.

නිශ්චිත බව :- ගෙවිය යුතු බද්ද, ගෙවිය යුතු කාලය, යනාදි ගෙවිය යුතු බදු පිළිබද කරුණු බදු ගෙවන්නාට මෙන්ම සෙසු අයටද නිරවුල් ලෙස පැහැදිලි වන පරිදි බදු පැනවිම මෙම මුල ධර්මයෙන් අදහස් වේ.

පහසු බව :- බදු පැනවිය යුත්තේ, බදු ගෙවන්නාට පහසුවන අවස්ථාවේදී, පහසු ආකාරයට, බදු ගෙවිමට හැකි වන පරිදි බව මෙම මුලධර්මයෙන් අදහස් වේ.

නිදසුන් :- ඉන්දියාවේ ඉඩම් බද්ද අය කරන්නේ අස්වැන්න එකතු කර ගත් පසුවය. මේ නිසා එම බද්ද් ගෙවිමට විශාල පහසුවක් ගොවින්ට ඇත.

පිරිමැසුම් සහිත බව :- බදු පරිපාලනය අවම පිරිවැයකින් සිදුවිය යුතු බව මෙම මුලධර්මය මගින් අදහස් කෙරෙන අතර, ඒ අනුව බදු අය කර ගැනිමට දරන වියදම, බදුවලින් ලැබෙන ආදායමට වඩා අවම මට්ටමකින් පැවතිම අනිවාර්ය වේ. එමෙන්ම බදු ගෙවන්නාටද අවම පිරිවැයකින් බදු ගෙවිමට හැකියාවක් පැවතිමද මෙහි දි වැදගත් කොට සැලකෙයි.

ස්ථායිකරණ හා වර්ධන අරමුණු දිරි ගැන්විම


උද්ධමන පාලනය, සේවා නියුක්තිය අඩුවිම වළක්වා ගැනිම, ඉතුරුම් හා ආයෝජන උනන්දු කිරිම, කර්මාන්ත සදහා ආරක්ෂණය, යනාදි ක්‍රියා මාර්ගවලට අනුබල ලැබෙන පරිදි බදු පැනවිම තුළින් ආර්ථික ස්ථායිකරණ හා වර්ධන අරමුණු දිරිගැන්විම මෙම මුලධර්මය මගින් අදහස් වේ.

ආදායම් ව්‍යාප්තියේ අසමානතා අඩු කරලිම


ආදායම් බෙදි යාමේ විෂමතා දුරලිම සදහා අවුක්‍රම බදු, ධන බදු, යනාදි බදු වර්ග උපයෝගි කර ගැනිම මෙම මුලධර්මයෙන් ප්‍රකාශ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017