රාජ්‍ය ආදායම්
 

නුතන රාජ්‍යයන්වලට වැදගත් කාර්යයන් රාශියක් ඉටු කිරිමට සිදු වි ඇති අතර, මේ සදහා විශාල වියදම් ප්‍රමාණයක් දැරිමට සිදු වි ඇත. මෙම වියදම් පියවා ගැනිමට අවශ්‍ය මුදල් රාජ්‍ය ආදායම් මගින් ලබා ගැනේ. රජයක් වෙත මාර්ග කිහිපයකින් ආදායම් ලැබේ.
රාජ්‍ය ආදායම් ලබා ගැනෙන ප්‍රධාන මාර්ග

  • සෘජු බදු හා වක්‍ර බදු
  • රාජ්‍ය ව්‍යාපාරවල ඉපැයුම්
  • විවිධ ගාස්තු හා විශේෂ තක්සේරු
(ගාස්තුවක් යනු පුද්ගලයකු විස්න් ලබා ගැනෙන යම් ප්‍රතිලාභයක් වෙනුවෙන් රජයට කෙරෙන ගෙවිමකි. නිදසුන් :- ස්වාධිකාර ගාස්තු වි‍ෙශ්ෂ තක්සේරු යනු පුද්ගලයන්ගෙන් අය කෙරෙන විශේෂ ගාස්තුවකි. නිදසුන් :- අලුත් මහා මාර්ගයක් වෙනුවෙන් අය කෙරෙන විශේෂ ගාස්තු)
  • ණය
  • දඩ මුදල්, වන්දි මුදල්, හානි රක්ෂණ මුදල්, පරිත්‍යාග

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් - 2002 (අනුමත ඇස්තමේන්තු)
  • රුපියල් දශලක්ෂ 1. වර්තන 281,367
      1.1 ආදායම් බදු 38,992 1.2 නිෂ්පාදන හා වියදම් මත පැන වු බදු 198,357 1.3 පොලි ලාභාංශ සහ ලාභ 26,234 1.4 වෙළෙද ව්‍යවසායයන්ගෙන් දළ ලැබිම් 4,005 1.5 වෙනත් වර්තන ලැබිම් 13,779
    2. ප්‍රාග්ධන 32,860
      2.1 පෞද්ගලිකරණ 21,000 2.2 ණය ආපසු ගෙවිම් 10,820 2.3 වෙනත් 1,040 එකතුව 314,227
(ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව 2001)

(c) Shilpa Sayura Foundation 2006-2017