ආර්ථික සංවර්ධනය
 

ප්‍රමාණවත් ආර්ථික වර්ධනයත් සමග, ආර්ථිකයේ ව්‍යුහාත්මක දියුණුවක් ඇති විම, දුගී බව අඩුවිම, සේවා වියුක්තිය අඩුවිම, ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදි යාම, චිරස්ථායි පැවැත්ම ඇතුළුව ආර්ථිකයේ ශුභදායි ආකාරයට දියුණු විම ආර්ථික සංවර්ධනය යනුවෙන් හැදින්වේ.

ආර්ථික සංවර්ධනය සලකා බලන ප්‍රධාන සාධක


  • ආර්ථික වෘද්ධිය වේගය (දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය)

  • ජිවන තත්ත්වය

  • දුගි බව

  • සේවා වියුක්ති මට්ටම

  • ආදායම් ව්‍යාපෘතියේ අසමානතා

  • ආර්ථියේ ව්‍යුහාත්මක වර්ධනය


නිදසුන් :-

1. ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයේ සාපේක්ෂ වැදගත්කම අඩු විම.

2. ද්විතික භාණ්ඩ නිෂ්පාදනයේ සාපේක්ෂ වැදගත්කම වැඩි විම.

  • නිෂ්පාදන සම්පත්වල කාර්යක්ෂමතාව


ආර්ථික සංවර්ධනය සදහා රජය මැදිහත් වන ආකාරය


  • අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාරපාන හා පෝෂණය, නිවාස හා සනිපාරක්ෂාව යනාදිය සපුරා ගැනිමට අවශ්‍ය පහසුකම් සපයා දිම.

  • සේවා නියුක්තිය වර්ධනය කිරිම.

  • අවම වැටුප් හා පිළිගත හැකි සේවා කොන්දේසි තිරණය කිරිම.

  • නිෂ්පාදන සම්පත්වල කාර්යක්ෂමතාව වර්ධනය කිරිම.

  • සාධාරණත්වය ඉටු කිරිම.

  • ඒක පුද්ගල නිෂ්පාදිතය ඉහළ නැංවිම.

  • වෙළෙද පොළ ඒකාධිකාරි තත්ත්වයන් පාලනය කිරිම.

  • පාරිභෝගික ආරක්ෂණය.

  • පරිසර සංරක්ෂණය.

  • මානව අයිතිවාසිකම් රුකදිම.


(c) Shilpa Sayura Foundation 2006-2017