- අවාසි සහගත බාහිරතා පවතින විට ඒවා අවම කෙරෙන ආකාරයේ කටයුතු යෙදිම.
(අවාසි සහගත බාහිරතා අවම කිරිම.)
- වාසි සහගත බාහිරතා පවතින විට නිෂ්පාදනය හා පරිභෝජනය දිරි ගැන්විම මගින් වෙළෙද පොළ කාර්යක්ෂමතාව වර්ධනය කිරිම සදහා කටයුතු යෙදිම.
(වාසි සහගත බාහිරතා අනුව වෙළෙද පොළ කාර්යක්ෂමතාව වර්ධනය කිරිම.)
- මහා පරිමාණ නිෂ්පාදන ව්‍යාපාර නිසා සුළු පරිමාණ නිෂ්පාදන ව්‍යාපාර බිද වැටිම් ඇති වන විට මතුවන අහිතකර වෙළෙද පොළ තත්ත්වයන් පාලනය කිරිමට කටයුතු යෙදිම.
(අහිතකර ඒකාධිකාරි වෙළෙද පොළ තත්ත්වයන් පාලනය කිරිම.)
- වෙළෙද පොළ ක්‍රමය මගින් සම්පුර්ණ නොවන පොදු භාණ්ඩ හා ශුභ සාධක භාණ්ඩ පිළිබද අවශ්‍යතාවන් සපුරාලිමට කටයුතු යෙදිම.
(පොදු භාණ්ඩ හා ශුභ සාධක භාණ්ඩ සැපයිම.)
- පාරිභෝගික හැසිරිම ප්‍රශස්ත මට්ටමින් සිදු විමට උපකාරයක් වශයෙන්, පාරිභෝගිකයන්හට වෙළෙද පොළ ක්‍රියාකාරිත්වය පිළිබද දැනුවත් භාවයක් ලබා දිම.
(පාරිභෝගිකයන් දැනුවත් කිරිම.)