වෙළෙද පොළ ක්‍රමය තුළින් භාණ්ඩ හා සේවා සැපයෙන්නේ, ඒ සදහා ක්‍රය ශක්තිය (මිලදි ගැනිමේ හැකියාව) තිබෙන පුද්ගලයන්ට පමණි. මේ අනුව දිවි පැවැත්මට අවශ්‍ය ඇතැම් භාණ්ඩ හා සේවා දිළිදු ජන කොටස්වලට නොලැබි යා හැකිය. මෙම තත්ත්වය, සාධාරණත්වය සංකල්පය මගින් මුලික වශයෙන් අදහස් කෙරෙන, “නිමැවුම, සමාජ ශුභ සිද්ධිය සැලසෙන අයුරින් පිළිගත හැකි ආකාරයට ආර්ථිකයේ කුටුම්බ අතර ව්‍යාප්ත කරලිම” යන අර්ථයට පටහැණිය. එබැවින් සාධාරණත්වය ඉටු කිරිම සදහා රජයේ මැදිහත් විම බෙහෙවින් වැදගත් වන බව සැලකේ.
සාධාරණත්වය ඉටු කිරිම සදහා රජයට ක්‍රම කිහිපයකින් මැදිහත් විය හැකිය.
- අනුක්‍රම බදු පැනවිම
- වත්කම් අයිතිය පිළිබද සිමා පැනවිම
- දිළිදු ජන කොටස්වලට වැඩි ප්රතිලාභ ලැබෙන පරිදි රජයේ වියදම් රටාව සකස් කිරිම. (නිදසුන් දිළිදු සහනාධාර)
- අවම වැටුප් නියම කිරිම
- දේශිය ආර්ථික සංවර්ධනයට හිතකර විදේශ වෙළෙද සම්බන්ධතා ගොඩ නගා ගැනිම, යනාදි ක්‍රම මේ සදහා රජයට භාවිතා කිරිමට පුළුවන.