සාධාරණත්වය
 

නිෂ්පාදන හැකියා මායිම මගින් දැක්වෙන නිමැවුම, සමාජ ශුභ සිද්ධිය සැලකෙන අයුරින් පිළිගත හැකි ආකාරයට, ආර්ථිකයේ කුටුම්භ අතර ව්‍යාප්ත කරලිම, සාධාරණත්වය යන ආර්ථික අරමුණින් අදහස් වේ.

මෙහිදි සාධාරණත්වය යන්නෙන්, මුළු නිමැවුම, නැතහොත් මුළු ආදායම සියලුම කුටුම්බ අතර එක හා සමානව බෙදා හැරිමක් අදහස් නොකෙරෙන අතර දැඩි ආදායම් විෂමතා තත්ත්වයක් නොපැවතිය යුතුය යන්න එයින් වැඩි දුරටත් අවධාරණය කෙරේ.

සාධාරණත්වය ආර්ථික ප්‍රශ්නයක් වශයෙන් පමණක් සලකා බැලිම ප්‍රමාණවත් නැත. එය සමාජිය ප්‍රශ්නයක් වශයෙන් ද, සලකා බැලිය යුතුය. එබැවින් එය කුමන මට්ටමක පැවතිය යුතුද යන්න පවතින ආර්ථික, දේශපාලන හා සමාජිය යන සියලුම සාධක අනුව තිරණය කළ යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017