පොදු භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් විශේෂ ලක්ෂණ
 

  • මිලක් අයකර ගත නොහැකි විම, මේ නිසා මිලක් ගෙවිමකින් තොරව මේවා සියලුම දෙනාට පරිභෝජනය කළ හැකිය.
  • පරිභෝජනයේදි තරගයක් නොමැතිවිම. මේ නිසා එක් අයෙකුගේ පරිභෝජනය හේතු කොට වෙනත් අයෙකුට පරිභෝජනයෙන් ඉවත් විමට සිදු නොවේ.
  • මේවා සැපයි‍මේ ආන්තික පිරිවැය ශුන්‍ය විම.

පොදු භාණ්ඩ හා සේවා එක් පුද්ගලයෙකුට සපයා දුන්නත් මුළු ජාතියටම සපයා දුන්නත් ඒ සදහා වැය වන පිරිවැය වෙනස් නොවන බව මෙයින් අදහස් වේ.
  • පොදු භාණ්ඩ හා සේවාවල ප්‍රතිලාභ කොටස් කළ නොහැකි විම.
  • පොදු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් රාජ්‍ය මගින් සිදුවිම.

(c) Shilpa Sayura Foundation 2006-2017