හරිත ජාතික ගිණුම්
 

නිෂ්පාදන කටයුතුවලදි පරිසර දුෂණය, ස්වභාවික සම්පත් විනාශ විම, යනාදි සෘණ බාහිරතා බහුල වශයෙන් සිදුවිය හැකිය. මේවා මගින් ස්වභාවික තත්ත්වයන් ඇතුළු සමස්ත සමාජයටම හානි සිදුවේ. එහෙත් මෙම හානිකර ප්‍රතිවිපාකවල අගය ජාතික ගිණුම්වලට ඇතුළත් වන්නේ නැත. ඒ අනුව දළ ජාතික නිෂ්පාදිතය මගින් නිමැවුමේ සැබෑ අගය නොදැක්වෙන බව ප්‍රකාශ වේ. මෙම තත්ත්වය නිවැරදි කිරිමට නම් පාරිසරික දුෂණය හා ස්වභාවික සම්පත් ක්ෂයවිම් සදහා දළ ජාතික නිෂ්පාදිතයෙහි ගැලපිම් කළ යුතුය. එවැනි ගැලපිම් කරන ලද ජාතික ගිණුම්, හරිත ජාතික ගිණුම් යනුවෙන් හැදින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017