පවත්නා විදේශ විනිමය අනුපාතය තිරණය වන්නේ එම රටෙහි විදේශ වෙළෙදාම හා අනෙකුත් විදේශ ගණුදෙනු අනුවය. මෙහිදි දේශිය ආර්ථිකය තුළ පමණක් භාවිතා වෙමින් පවත්නා භාණ්ඩ හා සේවා වල මිල ගණන් සැලකිල්ලට නොගැනේ.
එහෙත් ක්‍රය ශක්ති සාම්‍යය ගණනය කිරිමේදි දේශිය ආර්ථිකය තුළ භාවිතා වෙමින් පවතින සියලුම භාණ්ඩ හා සේවා මිල ගණන්ද සැලකිල්ලට ගැනේ. මේ නිසා විදේශ ගනුදෙනු වලට හසු නොවන භාණ්ඩ හා සේවා ගනුදෙනුද මේ යටතේ සැලකිල්ලට ගැනේ.
නිදසුනක් වශයෙන් සලකා බැලුවහොත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින බොහෝ සේවාවල (නිදසුන් :- අධ්‍යාපන සේවා, ආපනශාලා, සිල්ලර වෙළෙදාම යනාදියෙහි) මිල ගණන්, දියුණු රටවලට වඩා අඩු මට්ටමක පවති. මේ තත්ත්වය යටතේ පවත්නා විනිමය අනුපාතය වඩා පහළ විනිමය අනුපාතයක් (එනම් ඉහළ විනිමය අගයක්) ක්‍රය ශක්ති සාම්‍යය විනිමය අනුපාතය යටතේ ලැබේ. ඒ අනුව විදේශ විනිමයට සාපේක්ෂව වැඩි මුදල් අගයක් පෙන්නුම් කෙරේ.
පවත්නා විනිමය අනුපාතය යටතේ සංවර්ධිත හා සංවර්ධනය වන රටවල් අතර ආදායම් පරතරය අතිශයෝක්තියෙන් දක්වනු ලබන බවත්, එහෙත් ක්‍රය ශක්ති සාම්‍යය විනිමය අනුපාතය යටතේ රටවල සාමන්‍ය ආදායම් අතර පවත්නා විශාල වෙනස්කම් අඩුකර තාත්වික අර්ථයක් පෙන්නුම් කරන බවත් මේ අනුව පැහැදිලි වනු ඇත. නිදසුන් වශයෙන් දැක්වුවහොත් පවත්නා විනිමය අනුපාතය අනුව ඇ. එ. ජනපදයේ ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ශ්‍රී ලංකාවේ මෙන් හතළිස් ගුණයක් පමණ වේ. නමුත් ක්‍රය ශක්ති සාම්‍යය විනිමය අනුපාතය අනුව ඇ. එ. ජනපදයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ශ්‍රී ලංකාව මෙන් අටගුණයක් පමණ වනු ඇත.