පවත්නා විදේශ විනිමය අනුපාතය අනුව එක්සත් ජනපද ඩොලර් අගයෙන් දැක්වෙන කිසියම් ආදායම් ප්‍රමාණයක ක්‍රය ශක්ති ( ක්‍රය ශක්තිය යනු භාණ්ඩ, සේවා මිලට ගැනිමේ හැකියාවයි.) රටින් රටට වෙනස් විය හැකිය. එහෙත් ක්‍රය ශක්ති සාමාන්‍ය පදනම් වු විනිමය අනුපාත ක්‍රමය මගින් මෙම දුර්වලතා බෙහෝ දුරට මග හැරේ.
“ඒ ඒ රටවල දේශිය මුදලේ ක්‍රය ශක්තිය, එක්සත් ජනපද ඩොලර්වල ක්‍රය ශක්තිය සමග සැසදිමේ ක්‍රය ශක්තිය සාම්‍යය පිළිබිඹු වන පරිදි ඩොලර් අගය දක්වනු ලබන විනිමය අනුපාතය” ක්‍රය ශක්ති සාම්‍යය විනිමය අනුපාතිකය යනුවෙන් හැදින්වේ.
නිදසුනක් වශයෙන්, එක්සත් ජනපද ඩොලර් 1 කින් ඇ. එ. ජනපදය තුළ මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළ රු. 90කින් මිලට ගත හැකි නම්, ක්‍රය ශක්ති සාම්‍යය අනුව විනිමය අනුපාතය වෙළෙද පොළ විනිමය අනුපාතයට වඩා අර්ථවත් හා තාත්වික විනිමය අනුපාතයක් බව පිළිගත හැකිය.