විදේශ විනිමය අනුපාත අනුව ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය
 

අන්තර් ජාතික සැසදුම් සදහා ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් මගින් පොදු අගයකින් දක්වනු ලැබේ. මෙම අගය තිරණය වන්නේ පවත්නා විදේශ විනිමය අනුපාතය අනුවය.

සංවරිධිත හා සංවර්ධිත රටවල් අතර විශාල ආදායම් පරතරයක් පවති. එහෙත් මෙම රටවල පවත්නා ආදායම් පරතරය පවත්නා විදේශ විනිමය අනුපාතය මගින් තාත්වික ලෙස දැක්වෙන්නේ නැත.

සාමාන්‍ය රටක පවත්නා විදේශ විනිමය අනුපාතය තිරණය විම එම රටෙහි විදේශ වෙළෙදාම හා අනෙකුත් විදේශ වෙළෙදාම අනුව සිදු වේ. එහෙත් විදේශ වෙළෙදාමට සම්බන්ධ නොවන භාණ්ඩ හා සේවා රුසක් දේශිය ආර්ථිකය තුළ ක්‍රියාත්මක වේ. මෙවැනි භාණ්ඩ හා සේවා වල තත්ත්වය හා මිල ගණන් රටින් රටට වෙනස්වන අතර, මේවායේ මිල ගණන් පවත්නා විදේශ විනිමය අනුපාතය ගණනය කිරිමේදි සැලකිල්ලට ගැනෙන්නේ නැත. එබැවින් පවත්නා විදේශ විනිමය අනුපාතය මත තිරණය වන එක්සත් ජනපද ඩොලර්වලින් ගණනය කෙරෙන ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය මගින් අර්ථවත්, තාත්වික ත්ත්වයන් දැක්වේ යැයි පිළිගත නොහැකිය.

මෙම තත්ත්වයට විසදුමක් වශයෙන්, පවත්නා විදේශ විනිමය අනුපාතිකය වෙනුවට ක්‍රය ශක්ති සාමාන්‍ය මත පදනම් වු විනිමය අනුපාතය අනුව ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය ගණනය කර සැක්විම සිදු කෙරෙනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017