ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය ගණනය කිරිමේ
 


වාසි

  • ආර්ථික වර්ධනය මැනිම සදහා යොදා ගත හැකිවිම.
  • අන්තර් ජාතික සැසදිම් සදහා යොදා ගත හැකි විම.
  • රටේ පුද්ගලයන්ගේ සාමාන්‍ය ජිවන තත්ත්වය පිළිබද අවබෝධයක් ලබා ගැනිමට උපයෝගි කරගත හැකිවිම.
  • නිෂ්පාදිතයේ වෙනස පමණක් නොව ජනගහණයේ වෙනසද සැලකිල්ලට ගෙන මෙම දර්ශකය සකස් වි තිබිම නිසා මෙය බොහෝ අවස්ථාවන් සදහා යොදා ගත හැකි දර්ශකයක් විම.

අවාසි


  • ආදායම් බෙදි යාමේ සමානතා හා අසමානතා මෙම දර්ශකය මගින් ඉදිරිපත් නොවිම.
  • නිෂ්පාදිතයේ වර්ධනයේදි ඇති අංශ පෙන්නුම් නොකිරිම.
  • පුද්ගල පරිභෝජන රටාවේ වෙනස්විම් පෙන්නුම් නොකිරිම.
  • අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදි මුලික අවස්ථා ඉටු වි තිබෙද නැද්ද යන්න පෙන්නුම් නොකිරිම.
  • පරිසර දූෂනය වැනි සෘණ භාහිරතා ඉදිරිපත් නොවිම.

(c) Shilpa Sayura Foundation 2006-2017