නිෂ්පාදන ක්‍රියාවලියෙන් සහ අන්තර් ජාතික හුවමාරුවෙන් රටකට ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය මුර්ත ජාතික ආදායම යන්නෙන් හැදින්වේ.
ස්ථාවර මිල යටතේ ගණනය කෙරෙන ජාතික නිෂ්පාදිතය මුලික කෙරෙන මුර්ත ජාතික ආදායම ගණනය කිරිමට පුළුවන. එය පහත සදහන් පරිදිය.
මුර්ත ජාතික ආදායම = ස්ථාවර මිල යටතේ + X - X
ජාතික නිෂ්පාදිතය Pm Px
X = අපනයන වටිනාකම
Pm = ආනයන මිල දර්ශකය
Px = අපනයන මිල දර්ශකය
ආර්ථිකයෙහි අපනයන හා ආනයන මිල ගණන් වෙනස්විම එහි මුර්ත ජාතික ආදායම වෙනස් විම කෙරෙහි බෙහෙවින් බලපායි. එබැවින් විදේශ වෙළෙදාම වැදගත් ස්ථානයක් ගන්නා ආර්ථිකයෙහි මුර්ත ජාතික ආදායම ගණනය කිරිමෙහිලා ඉහත සදහන් ක්‍රමය ඉතාමත් වැදගත් වේ.
විදේශ වෙළෙදාම වැදගත් ස්ථානයක් නොගන්නා ආර්ථික වල ස්ථාවර මිල අනුව දළ ජාතික නිෂ්පාදිතය හා මුර්ත ජාතික ආදායම අතර විශාල වෙනසක් නොමැති බව මෙහිදි සැලකිල්ලට ගත යුතුය.
ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය
රටක නිෂ්පාදිතටයන් එක් පුද්ගලයෙකුට හිමිවන කොටස, ඒක පුද්ගල නිෂ්පාදිතය ලෙස හැදින් වේ. වර්ෂයේ මුළු ජාතික නිෂ්පාදිතය, එම වසර මැදදී පැති ජන සංඛ්‍යාෙවන බෙදීමෙන් ඒක පුද්ගල නිෂ්පාදිතය ගණනය කරනු ලැබේ.
ඒක පුද්ගල නිෂ්පාදිතය = වර්ෂයේ මුළු ජාතික නිෂ්පාදිතය
වසර මැද ජන සංඛ්‍යාව
ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය අන්තර් ජාතික සැසදීම් කටයුතු සදහා යොදා ගැනීමේහිදී එහි අගය පවත්නා විනිමය අනුපාතය අනුව ඇමරිකානු ඩොලර් වලින්දැක්වෙන බව සැලකිය යුතුය.