ගම්‍ය මිල දර්ශකය
 

යම් වර්ෂයකට අදාලව, පවත්නා මිල යටතේ දළ ජාතික නිෂ්පාදිතය සහ ස්ථාවර මිල යටතේ දළ ජාතික නිෂ්පාදිතය අගර අනුපාතය ගම්‍ය මිල දර්ශකය යනුවෙන් හැදින්වේ. දළ ජාතික නිෂ්පාදිතයට ඇතුළත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල සාමාන්‍යය වෙනස් වි ඇති ප්‍රමාණය මෙම දර්ශකය මගින් දැක්වේ. මෙම දර්ශකය පහත සදහන් ආකාරයට ගණනය කරනු ලැබේ.
ගම්‍ය මිල දර්ශකය = සලකා බලන වර්ෂයේ පවත්නා
මිල යටතේ දළ ජාතික නිෂ්පාදිතය × 100
ස්ථාවර මිල මත දළ ජාතික නිෂ්පාදිතය

මෙම දර්ශකය, ගම්‍ය මිල අවධමනකය, ආරෝපිත දළ නිෂ්පාදිත ගැළපුම, දළ ජාතික නිෂ්පාදිතයේ සමස්ත අවධමනකය, යනාදි විකල්ප යෙදුම්වලින් ද හැදින්වෙන බව සලකන්න.
ගම්‍ය මිල දර්ශකය ගණනය කිරිමේ ප්‍රධාන වාසි

  • ආර්ථිකයේ පොදු මිල මට්ටමේ වෙනස්විම් මැනිය හැකි දර්ශකයක් වශයෙන් යොදා ගත හැකි විම.
  • ආර්ථිකයෙහි පවත්නා උද්ධමන තත්ත්වය මැනිම සදහා යොදා ගත හැකි මිනුමක් විම.

(c) Shilpa Sayura Foundation 2006-2017