ස්ථාවර මිල යටතේ ගණනය කෙරෙන ජාතික නිෂ්පාදිතය, මුර්ත ජාතික නිෂ්පාදිතය යනුවෙන් හැදින්විය හැකිය. නිෂ්පාදන ක්රියාවලියෙන් රටකට ලැබෙන භාණ්ඩ හා සේවා ප්රවාහයේ පරිමාව, මුර්ත නිෂ්පාදිතය මගින් පෙන්නුම් කෙරෙන බව සැලකිය යුතුය.
පවත්නා මිල (වර්තන මිල) අනුව ගණනය කර ඇති දළ ජාතික නිෂ්පාදිතය මුර්ත ජාතික නිෂ්පාදිතය බවට පෙරළා ගන්නා ආකාරය පහත දැක්වේ.
වර්තන මිල අනුව දළ ජාතික නිෂ්පාදිතය
මූර්ත ජාතික නිෂ්පාදිතය = ගම්ය මිල දර්ශකය
ස්ථාවර මිල යටතේ නිෂ්පාදිතයේ අගය ගණනය කිරිම සදහා, එනම් මුර්ත ජාතික නිෂ්පාදිතය ගණනය කිරිම සදහා ගම්ය මිල දර්ශකය යොදා ගෙන ඇති බව ඉහත දැක්වෙයි. මේ ගැන මදක් විමසා බලමු.
ස්ථාවර මිල යටතේ නිෂ්පාදිත අගය ගණනය කිරිමේ දි, මිල දර්ශක එකක් නොව කිහිපයක් භාවිතා කෙරේ. ඊට හේතුව එකම මිල දර්ශකයකින් පමණක් දළ ජාතික නිෂ්පාදිතයට අයත් විවිධ භාණ්ඩ කොටස් පවත්නා මිලෙන් (වර්තන මිලෙන්) ස්ථාවර මිල ගණන්වලට පරිවර්තනය කළ නොහැකි වීමය. පාරිභෝගික මිල දර්ශක, ආනයන මිල / පරිමා දර්ශක අපනයන මිල / පරිමා දර්ශක, වැටුප් දර්ශක යනාදිය. එසේ භාවිතා කෙරෙන මිල දර්ශකවලට නිදසුන්ය.
දළ ජාතික නිෂ්පාදිතයට අයත් විවිධ භාණ්ඩ කොටස්වල අගය විවිධ මිල දර්ශක යොදා ගෙන පවත්නා මිලෙන් ස්ථාවර මිලට පරිවර්තනය කිරිමේ මෙම ක්රියාවලිය අවධමනය කිරිම යනුවෙන් හැදින්වේ.