ස්ථාවර මිල
 

කිසියම් තෝරා ගත් පාද (පදනම්) වර්ෂයක පැවති මිල ගණන් යොදා ගනිමින් ඒ අනුව යම් වර්ෂයක ජාතික නිෂ්පාදිතයෙහි අගය දැක්විම මෙයින් අදහස් වේ. ජාතික ගිණුම්කරණ සංකල්ප ස්ථාවර මිල යටතේ දැකිවිම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1996 වර්ෂය පදනම් වර්ෂය ලෙස දැනට භාවිතා කරයි.
ස්ථාවර මිල ගණන් දැක්විම සදහා පදනම් වර්ෂය වශයෙන් තෝරා ගනු ලබන්නේ ආර්ථික උච්චාවචයනයෙන් ඉතාමත් අඩු වර්ෂයකි. මේ නිසා පවත්නා මිල ගණන් යටතේ දැකිය හැකි උද්ධමනාත්මක හා අවධමනාත්මක බලපැම් ස්ථාවර මිල ගණන් යටතේ පෙන්නුම් නොකෙරේ.
රටක නිෂ්පාදිතයේ අගය වෙනස් විමට නිෂ්පාදන පරිමාවේ වෙනස් විම් මෙන්ම, මිල ගණන්වල වෙනසි විම්ද හේතු වෙයි. එහෙත් ස්ථාවර මිල යටතේ නිෂ්පාදිතය ගණනය කොරන විට මිල වෙනස් විම්වල බලපෑම ඉවත් වේ. එවිට නිෂ්පාදන පරිමාවේ වෙනස් විම් හෙවත් මුර්ත අගයේ වෙනස්විම් පමණක් ජාතික ගිණුම් මගින් පෙන්නුම් කෙරේ.
ආර්ථික‍යක නිෂ්පාදනයේ වර්ධනය මැනිම සදහා ජාතික නිෂ්පාදිතය යොදා ගැනෙන විට එම නිෂ්පාදතය ස්ථාවර මිල යටතේ ගණනය කර තිබිම වැදගත් වන බව මේ අනුව අවබෝධ වනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017