වෙළෙද පොළ මිල හා සාධක පිරිවැය මිල අතර මුලික වෙනස
 

වෙළෙද පොළ මිලට වක්‍ර බදු හා සහනාධාර ඇතුළත්ය. ඒ අනුව වෙළෙද පොළ මිල වක්‍ර බදු නිසා වැඩි වන අතර සහනාධාර නිසා අඩු වෙයි.
සාධක පිරිවැය මිලට වක්‍ර බදු ඇතුළත් නැත. එහෙත් සහනාධාර ඇතුළත්ය. සහනාධාර නිසා සාධක මිල අඩුවේ.
වක්‍ර බදුවල බලපැම නිසා වෙළෙද පොළ මිල, සාධක පිරිවැය මිලට වඩා වැඩිය. වෙළෙද පොළ මිල, සාධක පිරිවැය මිලටත්, සාධක පිරිවැය මිල වෙළෙද පොළ මිලටත් පරිවර්තනය කර ගැනිම සදහා එකිනෙක මිල ගණන් වලට, වක්‍ර බදු හා සහනාධාර අදාළ පරිදි ගැළපුම් කළ යුතුය. ඒ අනුව,

    වෙළෙද පොළ මිල සාධක පිරිවැය මිලට හරවා ගැනිම සදහා වෙළෙද පොළ මිලෙන්,
  • වක්‍ර බදු අඩු කර
  • සහනාධාර එකතු කළ යුතුය.
    • සාධක පිරිවැය මිල වෙළෙද පොළ මිලට හරවා ගැනිම සදහා සාධක පිරිවැය මිලට,
  • වක්‍ර බදු එකතු කර
  • සහනාධාර අඩු කළ යුතුය.
  • (c) Shilpa Sayura Foundation 2006-2017