ජාතික නිෂ්පාදිතය ගණනය කිරිම පිළිබද ගිණුම්, වෙළෙද පොළ මිල යටතේ හෝ සාධක පිරිවැය මිල යටතේ ඉදිරිපත් කළ හැකිය. වෙළෙද පොළ මිල යටතේ හෝ සාධක පිරිවැය මිල යටතේ ඉදිරිපත් කරනු ලබන අගයන් පවත්නා මිල ගණන් හෝ ස්ථාවර මිල ගණන් යටතේ දැක්විමටද පුළුවන. මෙම විවිධ මිල ගණන් පිළිබද කරුණු සලකා බැලිම මෙහිදි වැදගත් වනු ඇත.
වෙළෙද පොළ මිල :-
භාණ්ඩ හා සේවා සදහා වෙළෙද පොළේ පවතින මිල ගණන් වෙළෙද පොළ මිල යනුවෙන් හැදින්වේ. එසේ නැතහොත් වෙළෙද පොළ මිල යනු, භාණ්ඩ හා සේවා සදහා පාරිභෝගිකයා ඇත්ත වශයෙන්ම ගෙවනු ලබන මිලය., යනුවෙන්ද වෙළෙද පොළ මිල හදුන්වා දිය හැකිය.
සාධක පිරිවැය මිල :-
භාණ්ඩ හා සේවා සදහා නිෂ්පාදකයාට ලැබෙන ආදායම සාධක පිරිවැය මිල යනුවෙන් හැදින්වේ.