නිශ්චිත දේශ සිමාවක් හෙවත් භූගෝලිය ප්රදේශයක් තුළ නිපදවන භාණ්ඩ හා සේවාවල සමස්ත නිමැවුමේ වටිනාකම, දළ දේශිය නිෂ්පාදිතය ලෙස සැලකෙන අතර, රටෙහි වැසියන් විසින් පෞද්ගලික පරිභෝජනය, පොදු පරිභෝජනය හා දළ ආයෝජනය සදහා කරනු ලබන වියදම, දළ දේශිය වියදම ලෙස සැලකේ.
මෙම අගයන් දෙක සමාන වන්නේ අවස්ථා දෙකකදි පමණි. එම අවස්ථා නම්,
- විදේශීය ගනුදෙනු නැති සංවාත ආර්ථිකයක දළ දේශීය වියදම, ආර්ථිකය තුළ බිහි වු මුළු නිෂ්පාදිතයේ අගයට සමාන වේ.
- විදේශිය වෙළෙදාම සහිත ආර්ථිකයක එනම්, විවෘත ආර්ථිකයක භාණ්ඩ හා සාධක නොවන අපනයන වටිනාකම භාණ්ඩ හා සාධක නොවන ආනයන වටිනාකමට සමාන නම් (එනම් X1 = M1) දළ දේශිය නිෂ්පාදිතයේ අගය, දළ දේශිය වියදමට සමාන වේ.