ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුම, වර්තන ගිණුම යනුවෙන් හැදින්වේ. මෙම වර්තන ගිණුමේ ශේෂයෙන් දැක්වෙන්නේ භාණ්ඩ, සේවා, සාධක සේවා, සංක්‍රාම, යන අංශ හතරේ එකතුවෙන් බිහිවන ශේෂයයි. මෙය ශුද්ධ විදේශිය ඉතුරුම් ලෙස සැලකෙන අතර මෙහි සංඛ්‍යාත්මක අගය, ධන හෝ සෘණ සංඛ්‍යාවක් විය හැකිය. මේ අනුව වර්තන ගිණුමේ ශේෂය ශුද්ධ විදේශිය ණය සැපයිමක් වශයෙන් හෝ ශුද්ධ විදේශිය ආයෝජන ලබා ගැනිමක් වශයෙන් හෝ පැවතිය හැකිය.
මේ අනුව පහත සදහන් සම්බන්ධතා හදුනා ගත හැකිය.
- වැය කළ හැකි දළ ජාතික ආදායම = C + I + G + V
- දළ ජාතික නිෂ්පාදිතය = C + I + G + V + B
- දළ දේශිය නිෂ්පාදිතය = C + I + G + V – B – F