තැනිම් කටයුතු යන්ත්‍ර සුත්‍ර හා උපකරණ, ඉඩම් හා වැවිලි සංවර්ධනය, පශු සම්පත් සංවර්ධනය, යනාදි ස්ථාවර වත්කම් බිහි කිරිම ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය ලෙස සැළකේ. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය, ආර්ථිකයේ භාණ්ඩ හා සේවා නිපදවිමේ හැකියාව වර්ධනය කෙරෙන ප්‍රධාන සාධකයක් ලෙස සැළකේ.
ස්ථාවර ප්‍රාග්ධන භාණ්ඩවල ක්ෂය විම් ඇති වේ. තවද නිෂ්පාදන ආයතන විසින් ස්ථාවර ප්‍රාග්ධන භාණ්ඩ සදහා ප්රතිසම්පාදන ප්‍රමානයක්ද සිදු කෙරේ. එහෙත් මෙම කටයුතු දෙකම සම්බන්ධයෙන් පැහැදිලි සංඛ්‍යා ලේඛන නොපවතින හෙයින් ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය දළ දේශිය ස්ථාවර ප්රාග්ධනය වශයෙන් පමණක් සැළකිල්ලට ගැනේ.
මෙම දළ දේශිය ස්ථාවර ප්රාග්ධනයට අප ඉහත සාකච්ඡා කළ, තොග වෙනස් විම් එකතු කිරිමෙන් දළ දේශිය ප්‍රාග්ධන සම්පාදන අගය ලැබේ. මෙය දළ දේශිය ආයෝජන වියදම ලෙසද සැලකේ. මෙම කරුණු පහත සදහන් පරිදි ද දැක්විය හැකිය.
දළ දේශිය ප්‍රාග්ධන සම්පාදනය = ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය + භාණ්ඩ තොග වෙනස් විම්
(දළ දේශිය ආයෝජන වියදම)
වියදම් ක්‍රමය යටතේ මුළු වියදම ගණනය කිරිමේ දි ඉහත දක්වන ලද ප්‍රධාන වියදම් ප්‍රවාහවලට තවත් වියදම් ප්‍රවාහ කිහිපයක් ගැළපුම් කළ යුතුය. විදේශ ගනුදෙනු හා සම්බන්ධ මෙම ප්රවාහයන් ද අවසාන වියදම් බව සැලකිය යුතුය. මෙම ප්රවාහයන් නම්,
- භාණ්ඩ හා සේවා අපනයනය
- විදේශ සාධක ආදායම් ලැබිම්
(විදේශ රටවලින් පොළි, ලාභ, ලාභාංශ යනාදි ලැබිම්.)
- විදේශ සාධක ආදායම් ගෙවිම්
(විදේශ රටවලට පොළි, ලාභ, ලාභාංශ යනාදිය ගෙවිම.)