වියදම් ක්‍රමය යටතේ මුළු වියදම ගණනය කිරිම
 

බහු ගණන දෝශයෙන් වැළකිම සදහා වියදම් ක්‍රමයේදි ගණනයන් සදහා යොදා ගැනෙන්නේ අවසාන නිෂ්පාදිතය මත කෙරෙන වියදම්ය. එනම් අවසාන වියදම්ය. භාණ්ඩවල වියදම් අවසාන වියදම්වල ඇතුළත්ව ඇති බැවින් මෙහිදි අන්තර් භාණ්ඩ වියදම් ගණනය කෙරෙන්නේ නැති බව සැළකිය යුතුය.

වියදම් ක්‍රමය යටතේ මුථ වියදම ගණනය කිරිම සදහා ගණනය කරනු ලබන ප්‍රධාන වියදම් ප්‍රවාහ

ප්‍රධාන වියදම් ප්‍රවාහ (වියදම් වර්ග) දෙකකි. ඒවා නම්,

  • පරිභෝජන වියදම (C)
  • ආයෝජන වියදම (I)

පරිභෝජන වියදම නැවත කොටස් දෙකකට බෙදේ. එනම්,

1.පෞද්ගලික පරිභෝජන වියදම(C)
2. රජයේ පරිභෝජන වියදම (G)

ආයෝජන වියදම (I) නැවත කොටස් දෙකකට බෙදේ. එනම්,

ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය
තොග වෙනස් විම්
(තොග වෙනස් විම් සංසරණ ප්‍රාග්ධනය යනුවෙන්ද හැදින්වේ.)

තොග වෙනස් වීම් :-

භාණ්ඩ හා තොග වෙනස් විම් පහත සදහන් ගැළපිම් අනුව සිදුවේ.

  • වර්ෂය අවසානයේදි පවතින පරිභෝජන, ආයෝජන, අන්තර් යන භාණ්ඩ තොගවල වටිනාකම එකතු කළ යුතුය.
  • වර්ෂය ආරම්භයේදි පවත්නා එම භාණ්ඩ තොගයන්හි වටිනාකම අඩු කළ යුතුය.

ඉහත 1 වලින් 2 අඩු කළ විට ලැබෙන අගය භාණ්ඩ තොග වෙනස් විම් ලෙස සැලකෙන අතර එය ධන හෝ සෘණ සංඛ්‍යාවක් විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017