වියදම් ක්‍රමය
 

ආර්ථිකයක සමස්ත නිෂ්පාදිතය මිලට ගැනිම සදහා සිදු කෙරෙන වියදම ගණනය කිරිම තුළින් සමස්ත නිෂ්පාදිතයෙහි අගය ගණනය කිරිම වියදම් ක්‍රමය යන්නෙන් අදහස් වෙයි.

සමස්ත නිෂ්පාදිතය ගණනය කිරිම සදහා වියදමස් ක්‍රමය යොදා ගැනිමේදි බැහැර කළ යුතු වියදම්

  • සංක්‍රාම වියදම්


ඒක පාර්ශ්විය ලෙස සිදුවන මෙවැනි වියදම් තුළින් නිෂ්පාදිතය මිලට ගැනිමක් සිදු නොවේ. මෙම වියදම්වලට නිදසුන් ලෙස :- රජයෙන් සපයන ආහාර සහනාධාර, විශ්‍රාම වැටුප්, යනාදිය දැකිවිය හැකිය.

  • නිෂ්පාදන ක්‍රියාවලියකින් තොරව, අතින් අතට මාරු විම ලෙස සිදුවන ගනුදෙනු


යම් පාරිභෝගික භාණ්ඩයක් හෝ ආයෝජන භාණ්ඩයක් මුල් වරට ගැනිම නිෂ්පාදිතය මත කෙරෙන වියදමක් ලෙස සැලකේ. එහෙත් එසේ මුල් වරට මිලදි ගත් භාණ්ඩයක් නැවත නැවතත් විවිධ අය අතර අලෙවි විම, නිෂ්පාදිතය මත මිලට ගැනිමක් ලෙස නොසැලකේ.
නිදසුන් :- නැවත අලෙවි වන, ඉඩම්, මෝටර් රථ, කොටස් වෙළෙද පොළේ නැවත අලෙවි වන කොටස්.

(c) Shilpa Sayura Foundation 2006-2017