වැය කළ හැකි කුටුම්බ ආදායම
 

කුටුම්බයන්ට ස්වකිය අභිමතය පරිදි වියදම් කිරිමට පවතින ආදායම, වැය කළ හැකි කුටුම්බ ආදායම ලෙස සැලකේ. පෞද්ගලික කුටුම්බ ආදායමට අනුව, වැය කළ හැකි කුටුම්බ ආදායම තිරණය වෙයි. මෙම කරුණු පහත සදහන් පරිදි තව දුරටත් පැහැදිලි කළ හැකිය.
PY = GNP + Bp – D – R
PY = පෞද්ගලික කුටුම්බ ආදායම, GNP = දළ ජාතික නිෂ්පාදිතය, Bp = කුටුම්බයන්ට ලැබෙන සංක්‍රාම, D = ප්‍රාග්ධන ක්ෂය විම්, R = රජය හා ව්‍යාපාර විසින් රදවා ගත් ආදායම්,
පෞද්ගලික කුටුම්බ ආදායමෙන් (එනම් PY වලින්) බදු ගෙවු පසු, වැය කළ හැකි කුටුම්බ ආදායම ලැබේ. එය පහත සදහන් පරිදි දැක්විය හැකිය.
DY = PY – Tp
DY = වැය කළ හැකි ආදායම, PY = පෞද්ගලික කුටුම්බ ආදායම, Tp = කුටුම්බ විසින් ගෙවිය යුතු බදු.
මෙම වැය කළ හැකි ආදායම කුටුම්බයන්ට අභිමත පරිදි පරිභෝජනය සහ ඉතිරි කිරිම් සදහා යෙදවිය හැකිය. එය පහත සදහන් පරිදි දැකිවිය හැකිය.
DY = Cp + Sp
DY = වැය කළ හැකි ආදායම, Cp = පෞද්ගලික පරිභෝජන වියදම්, Sp = පෞද්ගලික ඉතුරුම්.

(c) Shilpa Sayura Foundation 2006-2017