භා්ණඩ හා සේවා සදහා කුටුම්බ, රජය යන ආර්ථික කාරකයන් විසින් වැය කළ හැකි මුළු ආදායම, මෙයින් අදහස් වේ. මෙය වෙළෙද මිල අනුව ගණනය කරන ලද ජාතික නිෂ්පාදිතය (හෝ ජාතික ආදායම) සහ විදේශ ශුද්ධ සංක්රාම ලැබිම යන කොටස් දෙකෙහි එකතුවෙන් සමන්විත වේ. මෙය පහත සදහන් පරිදි දැක්විය හැකිය.
දළ ජාතික නිෂ්පාදිතය හෝ දළ ජාතික ආදායම (වෙළෙද පොළ මිල අනුව) xxxx
විදේශ ශුද්ධ සංක්රාම ලැබිම්
නිල සංක්රාම ලැබිම xxx
පෞද්ගලික සංක්රාම ලැබිම xxx
වැය කළ හැකි දළ ජාතික ආදායම(1 + 2) xxx
Xxxx
(දළ දේශිය වියදමට, වර්තන ගිණුමේ ශේෂය එකතු කිරිමෙන්ද වැය කළ හැකි දළ ජාතික ආදායම ගණනය කළ හැකි බව සළකන්න.)
විදේශ සංක්රාම :- විදේශ සංක්රාම යනු ගනුදෙනුවකින් තොරව සිදුවන විදේශ ආදායම් මැරු විම්ය. මෙහිදි නිල සංක්රාම ලෙස සැලකෙන්නේ, ආපසු ගෙවිමකින් තොරව රජයට මුදල් හා භාණ්ඩවලින් ලැබෙන ප්රදානයන් වන අතර පෞද්ගලික සංක්රාම ලෙස සැළකෙන්නේ, විදේශීය පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් මෙරට රාජ්ය නොවන ආයතනවලට හ පුද්ගලයන්ට ලැබෙන ආධාර හා පරිත්යාගයන්ය.