- රාජ්‍ය අංශයේ හා පේද්ගලික අංශයේ සියලු පඩි, වැටුප්, වේතන
- ස්වයං සේවා නියුක්ති ආදායම්.
මේවා ලාභ, වැටුප්, බදුකුලි, පොළි යනාදි ඇතුලත් මිශ්‍ර ආදායම් ලෙස සැලකේ.
- නිෂ්පාදන අංශවලට ණය සැපයිම මගින් උපයා ගන්නා පොළි ආදායම්.
- ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ යනාදිය කුළියට දිමෙන් උපයා ගන්නා කුලි ආදායම්.
- රාජ්‍ය අංශයට හා පෞද්ගලික අංශයට අයත් සියලුම නිෂ්පාදන ආයතන විසින් උපයා ගනු ලබන මුළු ලාභ
ඉහත සදහන් ආදායම් වර්ග පහෙන් දැක්වෙන්නේ, සාධක ආදායම්ය. මෙම ආදායම් වර්ග පහේ එකතුව රටේ ජාතික ආදායම ලෙස සැලකේ. ප්‍රාග්ධන ක්ෂයවිම් අඩු නොකළ විට එය දළ ජාතික ආදායම ලෙසද, ප්‍රාග්ධන ක්ෂයවිම් අඩුකළ විට එය ශුද්ධ ජාතික ආදායම් ලෙස සැලකේ.
දේශීය නිෂ්පාදිතය තුළින් බිහි වු ආදායම් (සාධක ආදායම්) ශුද්ධ ජාතික ආදායම දක්වා ගණනය කර ඇති ආකාරය, කල්පිත සංඛ්‍යා ආදර්ශයක් අනුව පහත දැක්වේ. (මෙහි දක්වා ඇති විවිධ මිල ගණන් ප්ළිබද මෙහිදි කළබල නොවන්න. ඒවා පිළිබද අවබෝධය මෙම පර්ච්ඡේදයේ ඉදිරි කොටස් වලදි ඔබට හමුවනු ඇත.)
දේශීය නිෂ්පාදි තුළින් බිහි වන ආදායම්
ශ්‍රමය සදහා 50,000
බදුකුලි 10,000
පොළි සදහා 8,000
දළලාභ (ප්‍රාග්ධන ක්ෂය ඇතුළුව) 15,000
ශුද්ධ වක්‍ර බදු 1,000
දළ දේශිය ආදායම 84,000
(වෙළෙද පොළ මිල අනුව)
අඩු කළා :- ශුද්ධ වක්‍ර බදු 900
දළ දේශීය ආදායම 83,100
(සාධක පිරිවැය මිල අනුව)
එකතු කළා :-
විදේශ ශුද්ධ සාධක ආදායම් ලැබිම - 500
ශුද්ධ ලාභ ලැබිම - 400
ශුද්ධ පොළි ලැබිම - 200
දළ ජාතික ආදායම 82,000
(සාධක පිරිවැය මිල අනුව)
අඩු කළා :- ප්‍රාග්ධන ක්ෂය විම 5,000
ශුද්ධ ජාතික ආදායම 77,000