ආදායම් ක්‍රමය යටතේ නිෂ්පාදිතය අගය කිරිම්
 

ආර්ථිකයේ ප්‍රධාන කාරක විසින් දෙයාකාරකයක ආදායම් ලබයි. එනම්,

  • උපයන ආදායම් හෙවත් ඉපයිමක් නිසා ලබන ආදායම්

  • ඉපයිමකින් තොරව ලබන ආදායම්


මෙහිදි උපයන ආදායම් ලෙස අදහස් වන්නේ, සාධක සේවා ඉපයිම මත ලබන ආදායම්ය. දෙපාර්ෂවය අතර සිදුවන ගණුදෙුනු නිසා මෙම ආදායම් ඇති වේ.

එහෙත් ඉපයිමකින් තොරව ලබන ආදායම් මිට වෙනස්ය. ඒවා ඒක පාර්ශවීය ප්‍රවාහ වේ. ගනුදෙනු ස්වරුපයක් නොදරයි. එහිදි සිදුවන්නේ, එක් පාර්ශවයකින් තවත් පාර්ශවයක් වෙතට ආදායම් මාරුවිමක් පමණ. ඒ අනුව මෙවැනි ඉපයිමකින් තොරව ආදායම් ප්‍රවාහ නිසා ආර්ථිකයේ අලුත් ආදායම් බිහිවේ. ඉපයිමකින් තොරව ලබන්නා වු මෙවැනි සංක්‍රාම ආදායම් බැහැර කෙරෙන අතර, ඉපයු ආදායම් පමණක් සැලකිල්ලට ගැනේ. සංක්‍රාම ආදායම් සදහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

  • කුටුම්බයකට රජයෙන් ලැබෙන ආහාර සහානාධාර, නියං සහනාධාර, ගංවතුර සහනාධාර

  • විශ්‍රාම වැටුප්

  • ශිෂවත්ව සහනාධාර

  • රජයකට විදේශ රටකින් ලැබෙන ප්‍රදාන හෙවත් ආපසු නොගෙවෙන ආධාර


සංක්‍රාම ආදායම් ජාතික ආදායමෙහි ඇතුලත් නොවන බවත්, ජාතික ආදායම්, සාධක ආදායම්වලට පමණක් සිමා වු මිනුමක් බවත් සැලකිය යුතුය. එබැවින් ජාතික ආදායම, ආර්ථිකයේ පවත්නා මුළු ආදායම පිළිබද නොවන බව සැලකිල්ලට ගැනිම වැදගත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017