මුළු නිෂ්පාදිතයෙන් බිහිවන ආදායම සමන්විත වන්නේ, එම නිෂ්පාදිතය බිහි කළ සියලුම පුද්ගලයන් හා ආයතනවල ලබන වැටුප්, බදුකුළි, පොළි, ලාභ යන සාධක සේවා ආදායම්වල එකතුවෙන්ය. එබැවින් මුළු නිෂ්පාදිතයෙන් බිහි වන සාධක සේවා ආදායම් වල එකතුව, ජාතික ආදායම යනුවෙන් හැදින්විමට පුළුවන.