අප විසින් දැනට සාර්ව ආර්ථික ආකාතින් 3ක් පිළිබද කරුණු හදාරා ඇත. ඒවා පහත සදහන් පරිදිය.
- සරල ආර්ථිකය
- ඉතුරුම් හා ආයෝජන නොමැති සරල ආර්ථිකය. (මෙහිදි ගිලිහිම් හා එකතුවිම් නැත.)
- ඉතුරුම් හා ආයෝජන ඇති සරල ආර්ථිකය.
- සංවාත ආර්ථිකය
- විවාත ආර්ථිකය
සාර්ව ආර්ථිකයක සමතුලිතතාව පහත සදහන් කොන්දේසි දෙකෙන් කුමන කොන්දේසියක් යටතේ වුවද තිරණය විය හැකිය.
1. ආදායම් = වියදම්, කොන්දේසි යටතේ, එනම්,
Y = E
Y = සමස්ත ආදායම, E = සමස්ත වියදම
2. ගිලිහීම් = එකත්විම් කොන්දේසි යටතේ, එනම්,
W = J
W = ගිලිහිම්, J = එකතුවිම්,
- ආදායම් = වියදම්, කොන්දේසිය යටතේ සාර්ව ආර්ථිකයක සමතුලිතතාව
මේ අනුව සමතුලිත මට්ටමේදි මුළු වියදම, මුළු ආදායමට සමාන විය යුතුය. එනම්,
Y = E
Y = ආර්ථිකයේ මුළු ආදායම වන අතර E = ආර්ථිකයේ මුළු වියදම වේ.
සරල ආර්ථිකයක සමතුලිතතාවේදී
- ඉතිරි කිරිම් හා ආයෝජන නොමැති තත්ත්වය යටතේ,
Y = E
Y = මුළු ආදායම, E = මුළු වියදම.
- ඉතිරි කිරිම් හා ආයෝජන ඇති තත්ත්වය යටතේ,
Y = C + I
ඉතිරි කිරිම් හා ආයෝජන ඇති සරල ආර්ථිකයක E හෙවත් මුළු වියදම C + 1 වලින් සමන්විත වේ. C = පරිභෝජන වියදම ලෙසද, I = ආයෝජන වියදම ලෙසද, සැලකේ.
සංවාත ආර්ථිකයක සමතුලිතතාවේදි
Y = C + I + G
Y = මුළු ආදායම, C = පරිභෝජන වියදම,
I = ආයෝජන වියදම, G = රජයේ වියදම,
විවාත ආර්ථිකයක සමතුලිතතාවේදි
Y = C + I + G + (X – M)
Y = මුළු ආදායම, C = පරිභෝජන වියදම, I = ආයෝජන වියදම,
G = රජයේ වියදම, X = අපනයන ආදායම, M = ආනයන වියදම,