මෙහිදි රාජ්‍ය අංශයේ මැදිහත් විම ඇති ආර්ථික ක්‍රියාකාරිත්වයට (එනම් සංවාත ආර්ථිකය ක්‍රියාකාරිත්වයකි) විදේශ අංශයේ ආර්ථික ක්‍රියාකාරිත්වය එකතු වේ. එසේ එකතු වන විදේශිය ආර්ථික කටයුතු නම්,
- ආනයන වෙළෙදාම හා අපනයන වෙළෙදාම.
(ආනයන නිසා වියදම් ප්රවාහයේ ගිලිහියාමක් ඇති වන අතර, අපනයන නිසා ආදායම්
ප්රවාහයට එකත්විමක් ඇති වේ)
- විදේශිය ප්රාග්ධනය ලැබිම් හා පිටවිම්.
- විදේශීය ප්‍රාග්ධන ගනුදෙනු මත ලාභ සහ පොළි ලැබිම් සහ ගෙවිම්.
- දෙපැත්තේම ඊතල ලකුණු සහිත ප්‍රවාහ වලින් හුවමාරුවක් දැක්වෙන බව.
- එක පැත්තක පමණක් ඊතල ලකුණක් ඇති ප්‍රවාහ වලින් හුවමාරුවක් නොව අනිවාර්ය ගෙවිමක් පමණක් දැක්වෙන බව.
- විදේශ වෙළෙද කටයුතු, නිෂ්පාදන ආයතන (නිෂ්පාදන අංශ) මගින් සිදු වන බව හා සියලුම විදේශ ගනුදෙනු විදේශ විනිමය වෙළෙද පොළ මගින් සිදුවන බව.
විවාත ආර්ථිකයක චක්‍රිය ආදායම් ප්රවාහයේ සමතුලිතතාව
ආර්ථිකයක චක්‍රිය ආදායම් ප්රවාහයේ සමතුලිතතාව ඇති විමට නම් ආදායම් ප්රවාහයේ සියළුම ගිලිහිම්වල ෙඑක්ය සියළුම එකතුවිම්වල ඓක්යට සමාන විය යුතු වේ.
විවෘත ආර්ථිකයක ගිලිහිම් සහ එකුතුවිම් මෙසේය.
ගිලිහිම්
ඉතිරි කිරිම් (S)
බදු (T)
ආනයන (N)
රාජ්‍ය වියදම (G)
ආයෝජන (I)
අපනයන (X)
ගිලිහිම් මගින් ආදායම් ප්‍රවාහය සංකෝචනාත්මක බලපෑමක් ඇති වන අතර එකතුවිම් මගින් ප්රසාරාණාත්මක බලපෑමක් ඇති වේ. එබැවින් ගිලිහිම්, එකතුවිම්වලට සමාන විමෙන් ආදායම් ප්රවාහයට සමාන වු වියදම් ප්‍රවාහයක් ඇති වන බව පෙනි යයි. මේ නිසා ඉතිරිකිරිම්, බදු, ආනයන, යන ගිලිහිම් වල ඓක්‍ය, රාජ්‍ය වියදම්, ආයෝජන, අපනයන, යන එකතුවිම් වල ඓක්යට සමාන විමේ කොන්දේසිය යටතේ විවාත ආර්ථිකයකට චක්‍රිය ආදායම් ප්රවාහයේ සමතුලිතතාව ඇති විය හැකිය.