ඉතිරි කිරිම් හා ආයෝජන
 

මෙහිදි ඉතිරි කිරිම් හා ආයෝජනය පිළිබද යම් ප්‍රමාණයකින් කරුණු සලකා බැලිම වැදගත් වනු ඇත.
ඉතිරි කිරිම් :- කුටුම්භයන් සිය ආදායමෙන් පාරිභෝජනය නොකරන කොටස සහ නිෂ්පාදන ආයතනය තම ලාභවලින් රදවා ගත් (නොබෙදු) ලාභ කොටස යන කොටස් දෙකෙ එකතුවෙන් ඉතිරිකිරිම් සමන්විත වේ.

ඉතිරිකිරිම් නිසා ආ‍දායම් ප්‍රවාහය සංකෝචනය වේ. එබැවින් ඉතිරි කිරිම්, ආදායම් ප්‍රවාහය ගිලිහිම් (කාන්දුවිම්) ලෙස සැලකේ.

ආයෝජන :- ආයෝජන සදහා කුටුම්භ අංශයෙන් ඉතිරි කිරිම් හා නිෂ්පාදන ආයතනවල ඉතිරි කිරිම් යන ඉතිරි කිරිම් දෙවර්ගය යොදා ගනි. ආයෝජන නිසා, ආයෝජන භාණ්ඩ නිෂ්පාදනය වැඩි වන අතර, ඒ මගින් කුටුම්භයන්ගේ සාධක සේවා ආදායම් ඉහළ නගිනු ඇත.

ආයෝජන නිසා ආදායම් ප්‍රවාහය පුළුල් වේ. එබැවින් ආයෝජන, ආදායම් ප්‍රවාහයෙන් එකතුවිම් (විදිම්) ලෙස සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017