ආර්ථිකය තුල පවතින්නේ, නිෂ්පාදන ආයතන, කුටුම්භ යන අංශ දෙක පමණක් නම් සහ එම අංශ දෙක විසින් සිදු කරනු ලබන ආර්ථික ක්රියාකාරකම් වන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා පාරිභෝගික යන ආර්ථික කටයුතු පමණක් නම්, එවැනි ආර්ථිකයක පවත්නා අන්තර් සම්බන්ධතා ක්රියාවලිය ඉතාමත් සරල ස්වරූපයෙන් ගනි. එය විග්රහ කිරිමට පහසුය.
එහෙත් තාත්ත්වික ආර්ථිකයක තත්ත්වය මිට හාත්පසින්ම වෙනස් වනු ඇත. තා්ත්වික ආර්ථිකයක කුටුම්භ, නිෂ්පාදන ආයතන, රජය, විදේශ අංශය, යනාදි ප්රධාන ආර්ථික කාරකයන් ඒවායේ අනු ආර්ථික කාරකයන්ද සමග සංකිර්ණ අන්දමින් ක්රියාත්මක වන බවත්, ඒවා විසින් ඉතා සංකිර්ණ ආර්ථික තිරණ රුසක් ක්රියාත්මක කරමිනි ්සිටින බවත් දැක්විය හැකිය.
ආර්ථිකයක අන්තර් සම්බන්ධතා ක්රියාවලියේ පවත්නා මෙම සංකිර්ණතාව නිසා ආර්ථිකයක් පිළිබද කරුණු හැදෑරිමේ දි එය සරල මට්ටමින් ආරම්භ කර පියවරෙන් පියවර තාත්වික ආර්ථිකයක් දක්වා ලගා විමට සිදු වේ. මේ අනුව ප්රධාන ආර්ථික ආකෘති 3ක් පිළිබද කරුණු සලකා බැලිමට සිදුවනු ඇත. ඒවා නම්,
- සරල ආර්ථිකය
- සංයුක්ත ආර්ථිකය
- විවෘත ආර්ථිකය