ආර්ථික කාරක විසින් ගනු ලබන තිරණ හේතුවෙන් එම ආර්ථික කාරක අතර ඇති වෙන්නා වු සම්බන්ධතාව, ආර්ථිකයක අන්තර් සම්බන්ධතාව ලෙස සැලකේ.
සෑම ප්‍රධාන ආර්ථික කාරකයක්ම තවත් අනු ආර්ථික කාරක රාශියක් එක් විමෙන් සැදි තිබේ. ප්‍රධාන ආර්ථික කාරක අතර පවත්නා අන්තර් සම්බන්ධතා කෙරෙහි මෙම අනු ආර්ථික කාරකද විවිධ අන්දමින් බල පවත්වයි. එබැවින් ආර්ථිකයක අන්තර් සම්බන්ධතා ඉතාමත් සංකිර්ණ ස්වභාවයක් දරන ක්‍රියා පද්ධතියක් ලෙස සැලකිය යුතුය.
ආර්ථික කාරක අතර අන්තර් සම්බන්ධතා බිහි කෙරෙන, එසේ නැතහොත් ආර්ථික අන්තර් සම්බන්ධතාව ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන මාධ්‍ය, වෙළෙද පොළය. මෙහිදි ප්‍රධාන වෙළෙද පොළ වර්ග 4 ක් ක්‍රියාත්මක වේ. ඒවා නම්,
1.සාධක සේවා වෙළෙද පොළ
2.භාණ්ඩ හා සේවා වෙළෙද පොළ
3. ණය අරමුදල් වෙළෙද පොළ
4. විදේශ විනිමය වෙළෙද පොළ
සාධක සේවා සැපයිම හා මිලට ගැනිම සිදු කෙරෙනක වෙළෙද පොළ සාධක සේවා වෙළෙද පොළ ලෙස හැදින්වේ. මෙහිදි සාධක සේවා සැපයිම කුටුම්භ අංශය විසින් සිදු කෙරෙන අතර එම සාධක සේවා මිලට ගැනිම නිෂ්පාදන ආයතන අංශය මගින් සිදු වේ.
සාධක සේවාවල හිමිකරුවන් ලෙස සැලකෙන්නේ කුටුම්භයන්ය. ඔවුන් විසින් ප්රාග්ධනය, ශ්‍රමය, භූමිය, ව්‍යවසායකත්වය, යන සාධක සේවා සපයනු ලබන අතර, නිෂ්පාදන ආයතන විසින් ඒවාට පොළි, වැටුප්, බදු කුළි, ලාභ යන සාධක සේවා ගෙවිම් කුටුම්භයන් වෙත ගෙවනු ලබයි.
මේ අනුව සාධක සේවා වෙළෙද පොළ සම්බන්ධයෙන් මුලික ප්‍රවාහ 2ක් හදුනා ගැනිමට පුළුවන. එක් ප්‍රවාහයක් නම්, කුටුම්භ අංශයෙන් නිෂ්පාදන අංශයට සාධක සේවා ගලා යෑමය. මෙය මුර්ත ප්‍රවාහයක් ලෙස සැලකෙයි. අනිත් ප්‍රවාහය නම් නිෂ්පාදන අංශයෙන්, සාධක සේවා වලට කරනු ලබන ගෙවිම් කුටුම්භ අංශයට ගලා යාමය. මෙය මුල්‍ය ප්‍රවාහයක් ලෙස සැලකේ.
භාණ්ඩ හා සේවා සැපයිම, මිලට ගැනිමත් සිදුවන වෙළෙද පොළ, භාණ්ඩ හා සේවා වෙළෙද පොළ යනුවෙන් හැදින්වේ. භාණ්ඩ හා සේවා සැපයිම, නිෂ්පාදන ආයතන විසින් සිදු කෙරෙන අතර, ඒවා මිලට ගැනිම කුටුම්භ අංශය හා රාජ්‍ය අංශය මගින් සිදු වේ. මේ අනුව භාණ්ඩ හා සේවා වෙළෙද පොළේදි මුලික ප්‍රවාහ 2ක් සිදු වේ. එනම්, නිෂ්පාදන අංශයෙන් කුටුම්භ අංශයට හා රාජ්‍ය අංශයට භාණ්ඩ හා සේවා ගලායාම (මෙය මුර්ත ප්රවාහයකි) සහ එම භාණ්ඩ හා සේවා වියදම්, කුටුම්භ අංශයෙන් හා රාජ්‍ය අංශයෙන්, නිෂ්පාදන අංශයට ගලා යාමය. (මෙය මුල්‍ය ප්රවාහයකි)
කුටුම්භ අංශයේ සිදුවන ඉතිරිකිරිම් නිෂ්පාදන අංශයට ආයෝජන වශයෙන් ගලායාම සදහා මුල්‍ය අතරමැදියන් ලෙස ක්‍රියාත්මක වන ආයතනික අංශය ණය අරමුදල් වෙළෙද පොළ ලෙස හැදින්වේ. කුටුම්භ අංශයේ අතිරික්ත මුල්‍ය සම්පත්, නිෂ්පාදන අංශයේ මූල්‍ය සම්පත් හිගතාව පිරිමසාලිම සදහා මුල්‍ය අතරමැදි අංශය තුලින් ගලා යාමට සැලැස්විම, ණය අරමුදල් වෙළෙද පොළේ ප්‍රධාන කාර්යභාරය වශයෙන් සැලකේ.
ආනයන හා අපනයන කටයුතු සම්බන්ධයෙන් ද, විදේශ ප්‍රාග්ධන ලැබිම් හා පිටවිම් සම්බන්ධයෙන් ද, සිදුවන සියලුම විදේශ විනිමය ගනුදෙනු ක්‍රියාත්මක වන්නා වු වෙළෙද පොළ යනුවෙන් හදුන්වනු ලැබේ. විදේශිය ගනුදෙනුවලට අදාළ දේශිය මුදල් විදේශීය මුදල් බවටත්, විදේශීය මුදල්, දේශීය මුදල් බවටත්, පරිවර්තනය කිරිම විදේශ විනිමය වෙළෙද පොළේ ප්‍රධාන කාර්යභාරය ලෙස සැලකේ. මෙම විදේශ විනිමය ගනුදෙනු විවිධ මුදල් අතර පවත්නා විනිමය අනුපාත යටතේ සිදුකරනු ලැබේ. (විනිමය අනුපාතිකය යනු, එක්රටක ව්‍යවහාර මුදල් වෙනත් රටක ව්‍යවහාර මුදල් සමග හුවමාරු වන අනුපාතයන්ය.)