සාර්ව ආර්ථිකයක ක්‍රියාකාරිත්වය
 

සාර්ව ආර්ථිකයක පවත්නා කුටුම්භ, නිෂ්පාදන ආයතන, විදේශ අංශය, යනාදි ආර්ථික කාරක විසින් ගනු ලබන තිරණ අනුව, එම කාරක අතර අන්තර් සම්බන්ධතා බිහිවන අතර, එම අන්තර් සම්බන්ධතා ඇසුරින් සාර්ව ආර්ථිකයක් ක්‍රියාත්මක වේ.

ආර්ථික කාරක විසින් ගනු ලබන ප්‍රධාන තිරණ සැකෙවින්,

  • කුටුම්භ විසින් සාධක සේවා සැපයිම, පරිභෝජනය, ඉතුරුම්, යනාදි පිළිබද තිරණ ගනු ලබයි.

  • නිෂ්පාදන ආයතන විසින් සාධක සේවා මිලට ගැනිම, විකිණීම සදහා භාණ්ඩ හා සේවා නිපදවිම පිළිබද තීරණ ගනු ලබයි.

  • රජය විසින් පොදු භාණ්ඩ සේවා සැපයිම, සුභ සාධක භාණ්ඩ සැපයිම, අයකිරිම යනාදි තිරණ ගනු ලබයි.

  • විදේශ අංශය විසින් භාණ්ඩ හා සේවා අපනයනය, ආනයනය, විදේශිය ප්‍රාග්ධන ලැබිම් හා පිටවීම් යනාදි කටයුතු පිළිබද තිරණ ගනු ලබයි.


(c) Shilpa Sayura Foundation 2006-2017